April 9, 2010, 8:05 AM


April 8, 2010, 9:15 AM

ඡන්ද දායකයාගේ දවස අදයි. මෙවර මහමැතිවරණය වෙනුවෙන් මැතිවරණ ප්‍රචාරක කටයුතු ආරම්භ වූයේ පෙබරවාරි මස 26 වැනිදාය. එතැන් පටන් ගෙවීගිය දින කිහිපයේ අස්‌වැසිල්ලක්‌ නැති කන්කරච්චලයක්‌ වූ විනාශකාරී මැතිවරණ ප්‍රචාරක කටයුතු ද දැන් අවසන්ය. සෙන්ටිමීටර්වලින් මනින තරමින් සිනාසෙමින් තාප්ප, බෝක්‌කු, පාලම් මත හිනැහී සිටි මන්ත්‍රී අපේක්‍ෂකයන්ගේ තීරණාත්මක දිනය උදාවී තිබේ. අද ඡන්ද දායකයාගේ දිනයේදී බුද්ධිමත්ව සිය ඡන්දය ප්‍රකාශ කිරීමේ වගකීමක්‌ මේ රටේ ජනතාව වෙත පතිතව තිබේ.

April 3, 2010, 10:50 AM

ජනපති මහින්ද රාජපක්‍ෂ වවුනියාවේදී කියයි
විපක්‍ෂයේ සිට පැමිණෙන කිසිවකු මින් ඉදිරියට රජයට භාර නොගන්නා නිසා ආණ්‌ඩු පක්‍ෂයට වැඩියෙන් මන්ත්‍රීවරුන් තෝරා පත් කොට එවන මෙන් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා 1 වැනිදා වවුනියාවේදී පැවැසීය.

March 28, 2010, 10:40 AM

ශ්‍රී ලංකා රජයට එරෙහිව යුද අපරාධ සහ මානව හිමිකම් ගැන සෙවීමට මණ්‌ඩලයක්‌ පිහිටු වන්නෙමි යෑයි එක්‌සත් ජාතීන්ගේ මහලේකම් බෑන් කී මූන් විසින් මෙයට සතියකට පෙර පවසා තිබිණි. ඔහුගේ සහයට පැමිණියේ එක්‌සත් ජාතීන්ගේ බ්‍රිතාන්‍ය නියෝජිත මාර්ක්‌ ග්‍රාන්ට්‌ය. ශ්‍රී ලංකාවට එරෙහිව ක්‍රියා කිරීම සඳහා බලයක්‌ නැති බවට නොබැඳි

March 28, 2010, 9:15 AM

ශ්‍රී ලංකාව මුහුණ දී සිටින බරපතල සංස්‌කෘතික හා ආධ්‍යාත්මික දරිද්‍රතාව පිළිබඳව පාලකයන්ගේ හෝ බුද්ධිමතුන්ගේ හෝ ප්‍රමාණවත් අවධානයක්‌ යොමු වී නැති බව සංවේගයෙන් වුවද කිව යුතුය. මේ සංස්‌කෘතික හා ආධ්‍යාත්මික පරිහානිය පිළිබඳව විවෘත ආර්ථිකය නමැති ජනප්‍රිය මුව හමට තඩිබෑම අප බොහෝ දෙනෙකුගේ පිළිවෙත වී තිබේ.

March 26, 2010, 1:25 PM

ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික සන්ධානය පිහිටුවීමේ දී එහි සභාපති තනතුර භාරගත් ටිරාන් අලස් මේ වන විට එම සන්ධානයේ කටයුතු අතහැර දමා ඇතැයි වාර්තා වේ. මේ නිසා පසුගිය කාලයේ දී ඔහු පිළිබඳ තොරතුරු මාධ්‍ය හරහා ද වාර්තා නොවූ අතර ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික සන්ධානයේ ප‍්‍රධාන රැස්වීම් උත්සව ආදියට පවා ටිරාන් අලස් සහභාගි වූයේ කලාතුරකිනි.

March 24, 2010, 9:20 AM

- තිස්ස ජවිපෙ අවසන් තුරුම්පුවටත් පහර දෙයි
ජනරාල් සරත් ෆොන්සේකා නිදහස් කර ගත හැකි එකම ක‍්‍රමය කුසලානයටත් බුලත් කොළයටත් ඡන්දය දීම නොව අලියාට ඡන්දය දී එජාප ආණ්ඩුවක් පිහිටුව ගැනීම බව එක්සත් ජාතික පක්‍ෂ මහ ලේකම් තිස්ස අත්තනායක මහතා පවසයි. ඊයේ (23) පැවති මාධ්‍ය හමුවක දී මේ අදහස් පළ කළ අත්තනායක මහතා පෙන්වා දුන්නේ ෆොන්සේකා කුසලානයෙන් තරග කොට ජයග‍්‍රහණය කළ ද ඔහු නිදහස් කර ගැනීම සඳහා ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික සන්ධානයට කිසිදු හැකියාවක් නොමැති බැවින් එය කළ හැක්කේ එක්සත් ජාතික පක්‍ෂයට පමණක් බවය.

March 23, 2010, 8:10 AM

සංවිධානාත්මක කණ්ඩායමක් විසින් කොළඹ 02 කොම්පඤ්ඤවීදියේ බ්‍රේබෲක් පෙදෙසෙහි පිහිටි එම්ටීවී සහ එම්බීසී ආයතනවල ප‍්‍රධාන කාර්යාලයට අද (22) පස්වරුවේ ගල් මුල් ප‍්‍රහාරයක් එල්ල කොට තිබේ. වාර්තා වන අන්දමට සිද්ධියෙන් එම ආයතනයට හානි සිදුවී ඇති අතර එම්ටීවී සහ එම්බීසී සේවකයන් ද ප‍්‍රහාරය සඳහා

March 22, 2010, 8:45 AM

ඉකුත් සතියේ එ.ජා.ප.ය විසින් ද ජ.වි.පෙ. ප්‍රමුඛ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය විසින් ද තම පාර්ලිමේන්තු මැතිවරණ ප්‍රකාශන නිකුත් කරන ලදී. දෙමළ ජාතික සන්ධානයේ මැතිවරණ ප්‍රකාශනය ද මේ වන විට නිකුත් වී ඇත. ඇත්ත වශයෙන්ම බැලුවහොත් මේ මැතිවරණ ප්‍රකාශන එකකවත් තඹ දොයිතුවක වැදගත්කමක්‌ නැත. ඒ ඔවුන් කිසිදාක බලයට පත් නොවන නිසා මේ මැතිවරණ ප්‍රකාශන ඔවුන්ට ක්‍රියාත්මක කිරීමට නොහැකිවීම යන කාරණය නිසාය.

April 7, 2010, 4:05 PM

මෙරට හිටපු ඇමරිකානු තානාපති හා වත්මන් සහකාර රාජ්‍ය ලේකම් රොබට්‌ බ්ලේක්‌ මානව හිමිකම් හා මාධ්‍ය නිදහස ගැන විටින් විට හඬ නගමින් ශ්‍රී ලංකා රජයට දැඩි ලෙස චෝදනා කර තිබුණි. ඔහු ශ්‍රී ලංකාවේ හමුදාව යුද අපරාධ සිදු කළ බවට දක්‌වමින් අමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව වෙත වාර්තාවක්‌ ද යොමු කර තිබිණි. බ්ලේක්‌ලාගේ මේ ප්‍රකාශ විදෙස්‌ අරමුදල් මත යෑපෙන මෙරට නිදහස්‌ මාධ්‍ය ව්‍යාපාරික ජාලයට ද සතුටට කරුණක්‌ බැවින් ඔවුහු දේශපාලනඥයකු හරහා ජිනීවා නුවරට වාර්තා යවමින් ශ්‍රී ලංකාවේ රජය මාධ්‍ය නිදහස උල්ලංඝනය කරනවා යෑයි කියමින් බෙරිහන් දුන්හ. Video >>

April 3, 2010, 10:20 AM

බම්බලපිටියේ කාන්තා විදුහලක විදුහල්පතිනියක විසින් එම පාසලේ සිසුවියක දණ ගස්‌වා තබා දැන හෝ නොදැන විශාල විනාශයක්‌ සිදු කර ඇතැයි ඊයේ "දිවයිනේ" (02 දා) පළ විය. ඉගෙනීමෙහි ඉතා දක්‍ෂ, විදේශ ශිෂ්‍යත්වයක්‌ පවා ලද දැරියක වූ ඇය ඉහත කී දඬුවමට ලක්‌වන විට කොඳු ඇට පෙළේ ආබාධයකින් පෙළෙමින් සිට ඇත. දණ ගසා ගෙන සිටීමේදී ඇගේ කොඳුඇට පෙළේ කොටසක්‌ ඉවතට පැන ඇතැයි වෛද්‍යවරු කී බව "දිවයිනේ" පළ වී තිබේ.

March 28, 2010, 10:25 AM

ලබන 08 වැනිදා පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණයේදී 2/3 ක බහුතර බලයක්‌ ලබා ගැනීම එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ අපේක්‍ෂාව වී තිබේ. රනිල්ගේ නායකත්වයෙන් මැතිවරණයට තරග වදින එක්‌සත් ජාතික පෙරමුණ මෙන්ම ජෙනරාල් ෆොන්සේකාගේ නායකත්වයෙන් තරග වදින ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ අරමුණ එම 2/3 බලය ලබා ගැනීම වැළැක්‌වීම බව පෙනේ. මේ අනුව සිංහල දේශපාලන නායකත්වයන් 2/3 සටන වටා දෝලනය වන්නකි.

March 27, 2010, 8:15 AM

ණය උගුලෙන් වහා රට මුදා ගත යුතුයි
මේ වනවිට අප ඉමහත් කැප කිරීමෙන් අත්පත් කරගත් යුධ ජයග‍්‍රහණය හරහා බටහිර අධිරාජ්‍යවාදයේ එක් පෙරමුනක් පරාජය කිරීමට ශ‍්‍රී ලංකාව සමත් වී තිබුනද ඉදිරියේදි බටහිර ආර්ථික ආධිපත්‍යයෙන් ණය වහල්භාවයෙන් මේ රට මුදවා ගත නොහැකි නම් එකී මහත් කැප කිරීමෙන් ලබා ගත් යුධ ..

March 24, 2010, 11:20 AM

- ඒෂියන් ටි‍්‍රබියුන් සමීක්‍ෂණය හෙළි කරයි
ලබන මස 8 වන දා පැවැත්වෙන මහ මැතිවරණයෙන් සරත් ෆොන්සේකා නායකත්වය දරන ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික සන්ධානයට කොළඹ දිස්ත‍්‍රික්කයෙන් එකදු මන්ත‍්‍රී ධුරයක් හෝ ලබා ගත නොහැකි බව ඒෂියන් ටි‍්‍රබියුන් වෙබ් අඩවිය සිදු කළ සමීක්‍ෂණයකින් හෙළි වී තිබේ. එම වෙබ් අඩවිය පෙන්වා දෙන්නේ සමස්ත කොළඹ දිස්ත‍්‍රික්කයම ආවරණය වන පරිදි පැවැත්වූ මෙම පුළුල් සමීක්‍ෂණයට අනුව ..

March 23, 2010, 11:25 AM

ශ්‍රී ලංකාවේ සිදුවී ඇතැයි කියන යුද අපරාධ පිළිබඳ සෙවීම සඳහා එක්‌සත් ජාතීන්ගේ මහලේකම් බෑන් කී මූන් විසින් පත් කිරීමට යෝජිත මණ්‌ඩලයට රුසියාව හා චීනය යන රටවල් එරෙහි වී ඇත. මේ රටවල් දෙකම එක්‌සත් ජාතීන්ගේ ආරක්‍ෂක මණ්‌ඩලයට අයත් වේ.

March 22, 2010, 11:25 AM

පසුගිය දා සරත් ෆොන්සේකා විසින් බි‍්‍රතාන්‍යයේ චැනල් 4 රූපවාහිනී නාලිකාවට රහසිගත ලිපියක් යැව්වා යැයි කියන පුවත විහිළුවක් වුවද එම ලිපියේ අන්තර්ගත කරුණු සත්‍ය බව ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික සන්ධානයේ ලේකම් විජිත හේරත් මහතා පවසයි. ඊයේ (21) පැවති මාධ්‍ය හමුවක දී මේ පිළිබඳ අදහස් දැක්වූ ඒ මහතා ප‍්‍රකාශ කළේ ෆොන්සේකා මහතා රඳවා ඇති ස්ථානයේ පවතින ආරක්‍ෂක තත්වය අනුව ලිපියක් හුවමාරු කිරීමට කිසිදු ඉඩක් නොපවතින බවය.
 

March 22, 2010, 8:10 AM

රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයක්‌ පිළිබඳ ප්‍රශ්න කිරීම සඳහා ජනතා විමුක්‌ති පෙරමුණේ පාර්ලිමේන්තු කණ්‌ඩායම් නායක අනුර කුමාර දිසානායක මහතා හෙට (23 දා) සහ අනිද්දා (24 දා) යන දිනවල අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත.
 

Copyright © timesoflanka.com- 2008   E-Mail: info@timesoflanka.com