දුලට කතා කරන්න තාත්තාට ෆෝන් එකක්
March 8, 2010, 11:25 AM
අත්අඩංගුවේ සිටින සරත් ෆොන්සේකා මහතාට ඇමෙරිකාවේ සිටින තම දියණියන් දෙදෙනා සමග කතා බහ කිරීම සඳහා දුරකථන පහසුකම් ලබා දීමට යුද හමුදාපති ලූතිනන් ජනරාල් ජගත් ජයසූරිය මහතා අද (08) දින පියවර ගෙන ඇති බව ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරියෙකු අප සමග  පැවසීය. එහෙත් මෙම දුරනකථනයෙන් කතා කිරීමට ෆොන්සේකා මහතාට අවසර ඇත්තේ ඔහුගේ දියණියන් දෙදෙනාට පමණක් බවත් ඉන් වෙනත් කිසිවෙකුට කතා කිරීමට ඔහුට නොහැකි බවත් එම නිලධාරියා සඳහන් කළේය.

ෆොන්සේකා මහතා බැලීමට තමා පැමිණෙන විට දුරකතන දෙකක් ගෙන එන බවත් ඒවා භාවිත කරමින් තම සැමියා ඇමෙරිකාවේ සිටින දියණියන් දෙදෙනාට කතා කර බවත් හදිසියේම දුරකථන රැගෙන යාම තහනම් කිරීමට හමුදාව පියවර ගෙන ඇති බවත් අනෝමා ෆොන්සේකා මහත්මිය ඊයේ (07) පැවති මාධ්‍ය හමුවක දී පැවසුවාය.

අප සමග අදහස් දැක්වූ ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරියා කියා සිටියේ ෆොන්සේකා මහතාට ලබා දී තිබුණේ වරප‍්‍රසාදයක් පමණක් බවත් ඔහුට දුරකතන පහසුකම් ලබා දෙන ලෙසට කිසිදු අධිකරණයකින් නියෝග නිකුත් කර නොතිබුණු බවත්ය. සරත් ෆොන්සේකා මහතා එම දුරකථන වලින් ඔහුගේ දියණියන් දෙදෙනාට අමතරව වෙනත් පුද්ගලයන්ට ද ඇමතුම් ලබා ගෙන ඇති බව අනාවරණ වීමෙන් පසු එම වරප‍්‍රසාදය අත්හිටුවීමට යුද හමුදාපතිවරයා තීරණය කළ බව පැවසූ එම නිලධාරියා පෙන්වා දුන්නේ ෆොන්සේකා මහතා ඔහුට ලබා දී තිබු වරප‍්‍රසාදයෙන් අනවශ්‍ය ප‍්‍රයෝජන ලබා ගෙන ඇති බවය.

   Comments(0)


  Add Comment

Name A value is required.
Email Invalid format. (Not for publishing)
Contact. No  (Not for publishing)
Comment A value is required.
 

Copyright © timesoflanka.com- 2008   E-Mail: info@timesoflanka.com