පැණි වෙනුවට කඳුළු
March 9, 2010, 8:10 AM
දඹුල්ලේ සිට මඟ ගෙවාගෙන "දිවයින" කන්තෝරුවට පැමිණි ඩීමන් ආනන්ද නමැති මහතකු මේ දිනවල සීගිරියේ කෙරෙන බඹර සංහාරය ගැන කියන කතාව ඊයේ (08 දා) "දිවයිනේ" එකොළොස්‌වැනි පිටුවේ පළ විය. බඹරුන් මරා දමන්නේ බඹර වද පිළිස්‌සීමෙනි. සාමාන්‍ය ප්‍රමාණයේ බඹර වද දහයක් පිළිස්‌සුවහොත් බඹරු මිලියනයක් මැරෙති. සාමාන්‍යයෙන් සීගිරියේ බඹර වද දහස් ගණනක් තිබේ. පසුගිය දිනවල සීගිරි චිත්‍ර නැරඹීම සඳහා සීගිරි ගල තරණය කළ සමහර සංචාරකයන්ට බඹරු පහර දුන්හ. සීගිරිය භාරව සිටින මැටිමෝල් වහන්සේලා එයට සැලසූ ප්‍රතිකර්මය වූ කලී බඹර වදවලට ගිනි තැබීම ය. සීගිරියේ බඹර වදවලින් 70% ක් පමණ දැනට ගිනි තබා අලු කර තිබේ. ඒ සමඟම බඹරුන් කෝටි ගණනක්‌ම පණපිsටින් පිළිස්‌සී වේදනාත්මක මරණයකට මුහුණ දුන්හ. බඹරුන් වෙනුවෙන් පැමිණිල්ලක් කිරීමට අප හමු වූ පරිසර හිතකාමී ඩීමන් ආනන්ද මහතා ඉල්ලන්නේ ඉතිරිව ඇති බඹර වද ස්‌වල්පය ආරක්‍ෂා කර දෙන ලෙස ය. සීගිරිය ලෝක උරුමයක් වූයේ බඹරුන් ද සමඟය. ඊළඟට බඹරුන් කරදරයක් වූ නිසා උන් මරා දැමීම සිදු විය. අනතුරුව සීගිරි ගල නැගීමට දුෂ්කර උස් ස්‌ථානයක් වන නිසා ගල කඩා බිමට පහත් කර සීගිරි චිත්‍ර වෙන තැනක ඇඳීමට ඉහත සඳහන් මැටි මෝලුන් යෝජනා කළොත් පුදුම නොවන්නෘ ලංකාව මහදැනමුත්තාගේ පරම්පරාවේ අය තවමත් ජීවත්වන රටකි. මහදැනමුත්තා එළුවාගේ හිස මුට්‌ටිය තුළ හිරවීමේ ප්‍රශ්නය විසඳුවේ එළුවාත් මරා මුට්‌ටියත් බිඳීමෙනි.
බඹරා ඉපැරණි ලාංකිකයාගේ ගැමි ජීවිතය සමඟ බැඳී සිටින්නෙකි. පෝෂ්‍යදායක ආහාරයක් වූ බඹර පැණි එකතු කිරීම මේ රටේ පැරණිතම වෘත්තීන්ගෙන් එකකි. වැද්දෝ මේ කාරණයෙහි දක්‍ෂයෝ වූහ. උස් කඳු මුදුන්වල ඇති බඹර වදවල පැණි එකතු කිරීම එක්‌තරා සියුම් ශිල්පයකි. සීගිරියේ බඹර වද විනාශ කිරීම භාරගෙන සිටින හරක් රැල ඒ බව දන්නේදැයි අපි නොදනිමු. බඹර වද පිහිටන්නේ අඩි හාර පන්සියයක් උස ගලක මැද හරියේය. වැද්දෝ මේ කඳු මුදුනට නැග බඹර වද පිsහිටි පැත්තට ශක්‌තිමත් වැල්වලින් ඇඹරූ යොතක් දමති. ඊළඟට ලබුකැටය ඉනේ එල්ලා ගන්නා ඔවුහු ගිනි හුලක් සහ ලී පත්තක් ගෙන යොත දිගේ පහළට බැස බඹර වදය තිබෙන තැනට ආසන්න වී ගිනි හුල එහා මෙහා කරති. එවිට බඹරු ගිනි රස්‌නයට ඔරොත්තු දී ගත නොහී නික්‌ම යන අතර වැද්දා ලී පත්ත පාවිච්චි කර බඹර වදයෙන් 80% ක් කඩා ලබුකැටය තුළට දමා ගනී. මෙය ජීවිතය හා මරණය අතර කෙරුණු වෘත්තියක් වුවද වැද්දා කවදාවත් බඹරා පුළුස්‌සා මැරුවේ නැත. හදිසි බඹර ප්‍රහාරයක් එල්ල වුවහොත් යොත අත්හැරී ගල් පල්ලේ වැටී මරණයට පත්වීමේ අවදානම වැද්දා භාර ගත්තේය. ඊටත් අමතරව නැවතත් වදය බැඳීමට පටන් ගැනීම සඳහා බඹරාට කරන ආධාරයක් වශයෙන් වදයේ 20% ක් ඉතිරි කිරීමට ද හේ කටයුතු කළේය. මේ උසස් මිනිස් ගුණය සීගිරිය බලා කියා ගන්නා ගොන් රැළට නැත. එසේ වී නම් බඹරුන් පිළිස්‌සීමට කොන්ත්‍රාතු ද දෙන්නේ නැත.
මේ රටේ සමහර නිලධාරීන් ප්‍රශ්න විසඳන්නේ අමුතු ක්‍රමවලටය. කිසියම් ප්‍රදේශයක සුනඛයන් බහුල නම් උන් සංහාරය කර ප්‍රශ්නය විසඳනු ලැබේ. ගොවිපලට අලි පනින්නේ නම් උන්ට වෙඩි තබා මරණු ලැබේ. මේ විදියට රැකියා ප්‍රශ්නය උග්‍ර වුවහොත් තරුණයන් සංහාරය කර ඒ ප්‍රශ්නය විසඳනවාද? මේ හැම කුණු ගොඩකටම මැදිහත් වී විසඳුම් ලබාදීමට ජනාධිපතිතුමාට සිදුවී ඇති බව පෙනේ.
ලෝකයේ බඹර වර්ග 24 ක් සිටිති. පරාග පෝෂණය කර මල් ඵල ගැන්වීම සඳහා මේ කෘමි සත්තු ඉමහත් සේවාවක් කරති. Eමරදචස්‌බ Hදරබැඑ ඡරදඑeජඑසදබ Sසඑe යනුවෙන් වෙබ් අඩවියක් පවා ඇති අතර බඹරුන්ගෙන් සිදුවන මෙහෙවර දැන ගැනීමට එම වෙබ් අඩවිය හෝ වයිකපීඩියා වෙබ් අඩවිය කියවන්නේ නම් මැනවි. බඹර සංහාරයට අණ දුන් සහ එය ක්‍රියාත්මක කළ යමපල්ලන් සොයා දඬුවම් දිය යුතුම ය.
courtesy: divaina

hRKpKg ogdugldcvcik, [url=http://iwpnppbhuvqg.com/]iwpnppbhuvqg[/url], [link=http://prbpzvpmhgpx.com/]prbpzvpmhgpx[/link], http://alqoyimtmjvm.com/
( Posted by yzwyqjte on May 16, 2010, 12:50 AM)
Add Comment

March 12, 2010, 10:15 AM
මහින්ද චින්තන "ඉදිරි දැක්ම" මහ සමුළුව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ
ප්‍රධානත්වයෙන් අද කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.
"ශ්‍රී ලංකාව ආසියාවේ ඓශ්චර්යය කරමු" යන තේමාව යටතේ පැවැත්වෙන මෙම සමුළුව වැඩ කරන ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

March 11, 2010, 2:20 PM
විපක්ෂය සිදුකරන ඇතැම් ප්‍රකාශ අනුව ඔවුන් මෙවර මහමැතිවරණයේ පරාජය භාරගෙන
අවසන් බැව් ජාත්‍යන්තර වෙළඳ කරයුතු අමාත්‍ය,කැබිනට් ප්‍රකාශක මහාචාර්ය
ජී.එල්.පීරිස් මහතා ප්‍රකාශ කරයි.
March 10, 2010, 9:20 AM
යාපනයේ වැවෙන කැරට්වල අල වගේම කොළ ත් ආහාරයට ගත හැකි බව වෙළෙඳ හා පාරිභෝගික කටයුතු අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
යාපනයේ වැවෙන කැරට් එතරම් ගුණදායක වුණත් තමන්ට තාමත් කිසිවෙක් යාපනයේ කැරට් කැවීමට උත්සාහ නොකළ බවද හෙතෙම කියා සිටියේ අද පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි.