මනාපයට මරා ගැනීම නවත්වමු!
March 10, 2010, 10:00 AM
මහමැතිවරණයට තව ඇත්තේ හරියටම දින තිහකි. පසුගිය පෙබරවාරි 26 වැනිදා නාමයෝජනා බාරදුන් පසුව ගෙවීගිය දින එකොළහක කාලයේදී එකදු මිනිස් ඝාතනයක් හෝ සිදු නොවී තිබීම පිළිබඳව අපට ඇතිකරන්නේ කියා ගන්න බැරි සතුටකි. සැනසුමකි. ඒ සැනසිල්ල මහමැතිවරණය පැවැත්වෙන අප්‍රේල් 08 වැනිදා තෙක් පමණක් නොව මැතිවරණයෙන් පසුවත් තිබිය යුතුය.
මෙවර මහ මැතිවරණයේ ජයග්‍රහණය එක්‌සත් ජනතා නිදහස් සන්ධානයට ලැබෙනු ඇතැයි යන්න දේශපාලන විචාරකයන්ගේ පොදු මතයක් වී තිබේ.
සන්ධානය උත්සාහ කරන්නේ තුනෙන් දෙකක මහ පරිමාණ ජයග්‍රහණයකි. ඒ ජයග්‍රහණය නම් ලෙහෙසි පහසු නැතැයි දේශපාලන විචාරක මතයයි. 78 දී ෙ-. ආර්. ජයවර්ධන මහතා විසින් සම්පාදනය කරනු ලැබූ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව යටතේ තුනෙන් දෙකක ජයග්‍රහණයක් එක් පක්‍ෂයකට ලබාගත නොහැකිය. සමානුපාතික ඡන්ද ක්‍රමයේ හැටි එලෙසය.
යුද ජයග්‍රහණය, ජනාධිපතිවරණ ජය මෙන්ම පෙර නොවූ සංවර්ධන ක්‍රියාදාමත් පෙරටුකරගෙන මහ මැතිවරණයට සංධානය පිවිස සිටියත් සන්ධානයට තුනෙන් දෙකක පාර්ලිමේන්තු ආසන බලයක් ගැනීම අභියෝගයක් වී ඇත්තේ මේ මැතිවරණ ක්‍රමය ය.
1978 ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව යටතේ රටට හඳුන්වා දුන් මේ දේශපාලන ක්‍රමය මගින් නිර්මාණය කළ මනාප පොරය අද වනවිට බලු පොරයක සිරිගෙන තිබේ. එදා ෙ-. ආර්. ජයවර්ධන මහතා කල්පනා කරන්නට ඇත්තේ ජනතා ප්‍රසාදය වැඩියෙන්ම ඇති පුද්ගලයන් දේශපාලන නායකයන් ලෙස කරළියට ගෙනැවිත් ඒ හරහා රට ගොඩනැගීමට වන්නට පුළුවන. නමුත් අද මෙරට දේශපාලනයේ වැජඹෙන්නේ සැබෑ මානව හිතවාදීන්ද යන්න ගැටලුවක් බවට පත්ව ඇත්තේ මේ මනාප පොරය නිසාය. මුදල් ඇත්තා ඒ මුදල් විසිකර බලය ගන්නේ මුදලට යටවන ආර්ථික ක්‍රමයට ජනතාව කොටුකර තිබෙන නිසාය.
මෙරට දේශපාලනයේ මොන්ටිසෝරිය ලෙස සලකන්නේ ප්‍රාදේශීය සභා, නගර සභා සහ මහ නගර සභාය. ගමේ පාර, පාලම, බෝක්‌කුව තනන්නට දේශපාලන වශයෙන් නායකත්වය ගන්නේ මේ පළාත් පාලන ආයතනවලට තේරෙන මන්ත්‍රීවරුන් විසිනි. මේ මනාප බලු පොරය අද දේශපාලනයේ මොන්ටිසෝරියද වෙලාගෙන හමාරය. ප්‍රාදේශීය සභාවට, නගර සභාවට, මහ නගර සභාවට ඉදිරිපත්වන අපේක්‌ෂකයාද අද කල්පනා කරන්නේ මුදල් සෙවීමටය. මැර බලය ළඟට ගැනීමටය. එසේ ගොඩ ගසා ගන්නා මුදල් කළුද සුදුද යන්න විමසන්නට ඔවුන් කටයුතු නොකරන්නේ ඊළඟ පළාත් පාලන මැතිවරණයේදී අත දිග හැර ඒ මුදල් වියදම් කිරීමටය. මැර බලය ළඟට ගන්නා මේ මොන්ටිසෝරි දේශපාලකයන්ද මේ සැරසෙන්නේ මනාපය අමනාපයෙන් හෝ ලබා ගැනීමටය. එලෙස පලාත් සභාවටත්, පාර්ලිමේන්තුවටත් එන මේ අයට පූර්වාදර්ශ දෙන්නේද පාර්ලිමේන්තුවේ සිටින දේශපාලන අයියලාය.
අද මේ මහ මැතිවරණයේදී අප දකින්නේ එහි උච්චස්‌ථානයය. පාර්ලිමේන්තු මහ මැතිවරණ ප්‍රචාරක කටයුතු සිදුවන මේ මොහොතේදී මනාප පොරයේ තරම අපට පෙනේ. කොළඹ තාප්ප වසා හිනැහෙන අපේක්‌ෂකයාගේ පෝස්‌ටර් ඊළඟ උදෑසන ඒ පක්‍ෂයේම අපේක්‌ෂකයකුගේ පෝස්‌ටරවලින් වැසී යන්නේ මනාප පොරය නිසාය. තාප්ප පමණක් නොව පදික වේදිකාවද මේ පෝස්‌ටර් වලින් වැසී ඇත්තේ මැතිවරණ නීතිය ද නොතකාය.
පාර්ලිමේන්තුවට යන්නට වලිකන මේ අපේක්‌ෂක මහත්වරුන් වැය කරන ධනස්‌කන්දය දකින කාට වුවද හිතට වදදෙන ප්‍රශ්නයක් පැන නගී.
"මේ තරම් මුදල් වැයකර මේ අය පාර්ලිමේන්තුවට යන්නට වළිකන්නේ ඇයි? ඒ ප්‍රශ්නය අප කාටත් දැනෙන පොදු ප්‍රශ්නයකි.
පාර්ලිමේන්තුවට යැම යනු නිවනට යැම නම් මේ හැටි වෙහෙසීම නිවැරදිය. පාර්ලිමේන්තුව යනු දෙව්ලොව නම් ඒ තුළට යැම ද වැරදි නැත. නමුත් ප්‍රශ්නය වී තිබෙන්නේ මේ හැටි කැපකිරීම් කර මේ අය පාර්ලිමේන්තුවට ගොස් බලාපොරොත්තු වන්නේ කුමක්‌ද යන්නය. ජනතාවට හරිහැටි මේවා නොතේරේ. පාර්ලිමේන්තුවට මේ අය යන්නේ රට හැදීමට නම් එහි දොසක් කීමට අපට නොහැකිය. එවැනි අවංක ෙච්තනා ඇත්තන්ද මේ අතර නැතැයි අපි නොකියමු. නමුත් රුපියල් කෝටි ගණන් මුදල් වැයකර තම ඡන්දදායකයාට කන්නට. බොන්නට දෙමින් ඔවුනගේ මනාපය තමාගේ නම ඉදිරිපිට සටහන් කර ගැනීමට මේ අපේක්‌ෂකයන් කරන කැප කිරීම්, නම් පුදුම එළවන සුළුය. පාර්ලිමේන්තු මන්ත්‍රී වූ පසු මේ අය මහ මැතිවරණය වෙනුවෙන් ආයෝජන කළ මුදල් වැල් පොලී සමඟ පමණක් නොව හත්මුතු පරම්පරාවටම සොයා ගන්නා බව ද කියති.
මෙරට තාප්ප වසා හිනැහෙන මේ අපේක්‌ෂකයන්ට පෝස්‌ටර්, කටවුට් වෙනුවෙන් වැයවෙන ධනස්‌කන්දය ලක්‍ෂ ගණනකි. ඇතැම් අපේක්‌ෂකයන් සිය මැතිවරණ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් රුපියල් කෝටි ගණන් මුදල් වැය කරන බව ද කියනු ඇසෙයි. මන්ත්‍රීකම කෝටි ගණන් වලට විකිණෙන අවස්‌ථාද අතීතයේ වූ බව කියති.
කෙසේ හෝ මේ මනාප පොරය වැඩිපුරම දක්‌නට ඇත්තේ එක්‌සත් ජනතා නිදහස් සන්ධාන අපේක්‌ෂකයන් අත බව ද පෙනේ. එකක් මත එකක් ඇලවෙන පෝස්‌ටර් ද සන්ධානයේ ඒවාම වීම නිසාදෝ ඒ හා සැබැදුන ගැටුම් තවමත් වාර්තා වී නැත.
මැතිවරණ නීති රීතිවලට අනුව නම් අපේක්‌ෂකයා ගමන් කරන වාහනයේ හැර අනෙක් වාහනවල අදාළ අපේක්‌ෂකයාගේ රුව හෝ සැරසිලි තිබිය නොහැකිය. නමුත් ඒ මැතිවරණ නීති රීති මහමග ධාවනය වන බස් රථ, වෑන් රථවලට අදාළ නොවන්නේද යන ගැටලුව ජන මනසට වද දෙන්නේ බැලූ බැලූ අත යන බස්‌රථවල අලවා තිබෙන පෝස්‌ටර් නිසාය. මංමාවත් දෙපස ද ප්‍රධාන නගරවලද කටවුට් හා පෝස්‌ටර් අඩු නැතිව තිබේ.
මේ මනාප පොරය නිසා අත මිට හිඟ සැබෑ සමාජ සේවකයන්ට දේශපාලනය ළංවිය නොහැකි ව්‍යාපාරයක් බවට පත්ව ඇති බව අමුතුවෙන් කිවයුතු නැත. අද ප්‍රාදේශීය සභාවකට ඉල්ලීමට පවා ලක්‍ෂ ගණන් මුදල් අවශ්‍ය ව තිබේ.
තමන් ළඟට එන මිතුරන්ට, හිතවතුන්ට කෑම බීම දීම, උදව් උපකාර කිරීමට මුදල් අවශ්‍යව තිබේ. එනිසා බොහෝ විට සිදුවන්නේ ගම් මට්‌ටමින් විසිර සිටින විවිධ තරාතිරමේ ව්‍යාපාරිකයන් මගින් ඒ දේවල් ලබාගැනීමය. එවැනි ධනවතුන් අතර කසිප්පු ජාවාරම්කරුවන්ද, අරක්‌කු තැබෑරුම් හිමියන්ද, කුඩු ජාවාරම්කරුවන්ද කොන්ත්‍රාත් කරුවන් ද හිඟ නොවන බව කවුරුත් දකිති. මැතිවරණයකදී විසිවන්නේ බොහෝ විට ලෙහෙසියෙන් උපයන කළු සල්ලිය.
මැතිවරණ සමයකදී දේශපාලකයන් ළඟට රොක්‌වන අයට අනාගත අවශ්‍යතාවක් තිබේ. ඇතැම් විට තම දරුවාට රැකියාවක් පතා මොව්හු දේශපාලනඥයා ළඟට කිට්‌ටු වෙති. තවත් පිරිසක් දේශපාලනඥයා ළඟට යන්නේ ඔහු බලයට පැමිණ පසු රජයේ කොන්ත්‍රාත් තමාට ලබා ගැනීමටය. බොහෝ විට මේ දේශපාලනඥයන්ට මැතිවරණ සමයක අත දිග හැර මුදල් දෙන්නන් අතර පෙරකී කසිප්පු, අරක්‌කු මෙන්ම කුඩු ජාවාරම්කරුවන්ද සිටින බව රහසක් නොවේ. මේ ව්‍යාපාරිකයන්ගේ අරමුණු එළඹෙන කාලයේද වැය කළ මුදල මෙන් සිය දහස් ගුණයක් ඒ දේශපාලනඥයාගේ සහායෙන් ඉපැයීමය. එනිසා මේ අය තම හිතවත් අපේක්‌ෂකයා පාර්ලිමේන්තුවට යෑවීමට ඕනෑම දෙයක් කිරීමට සූදානම්ය.
මැතිවරණ ප්‍රචණ්‌ඩත්වය ඇති වන්නේ එතැනින්ය. එකම පක්‍ෂයක, එකම මැතිවරණ කොට්‌ඨාසයක එකම දිස්‌ත්‍රික්‌කයක ගහ මරා ගැනීම දක්‌වා මේ මනාප පොරය දඟලන්නේ එලෙසය.
78 මැතිවරණ ක්‍රමය වෙනස් කළ යුත්තේ එනිසාය. පසුගිය ජනාධිපතිවරණ සමයේ දී ජෙනරාල්ගේ නායකත්වය යටතේ විපක්‍ෂය කීවේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බවය.
නමුත් එක්‌සත් ජනතා නිදහස් සන්ධානය විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බවක් කීවේ නැත.
ජනතා කැමැත්ත වූයේ මහින්ද රාජපක්‍ෂ දිගටම මේ රටේ විධායක ජනාධිපති වුවත් කමක් නැතැයි කියාය. මෙරට ජනතාව වැඩි ඡන්ද ලක්‍ෂ දහඅටක් මහින්ද රාජපක්‍ෂ මහතාට දුන්නේ ඔහු ගැන තිබෙන විශ්වාසය මුළු ලෝකය ඉදිරියේ තබමින්ය.
මහින්ද රාජපක්‍ෂ මහතාගෙන් පසුව මේ විධායක ජනාධිපති ක්‍රමය කා අතට පත්වේද? එය කීමට තවමත් කල් වැඩිය. බොහෝ විට මීළඟ රජයේ අගමැති අලුත් අයකු වූවොත් ඔහු ඊළඟ ජනාධිපතිවීම වැළැක්‌වීම අපහසු වනු ඇත. ඊළඟ අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා සේ රටට හිතැති අයකු වෙතොත් රටට එය අහිතකර නොවේ. නමුත් මහින්ද රාජපක්‍ෂ මහතාගෙන් පසු ඊළඟ ජනාධිපති ඉඩි අමීන්, හිට්‌ලර් වැන්නෙකු වුවොත් රටට වෙන වින්නැහිය සුළු පටු නොවේ. එනිසා මෙවර මහමැතිවරණයෙන් පසු ඊළඟ මහමැතිවරණය මේ මනාප පොරය නැති මහමැතිවරණයක් විය යුතුය.
ඒ අනුව මේ මහ මැතිවරණයෙන් පසුව මැතිවරණ ක්‍රමය වෙනස් කළ යුතුය. එදා විධායක ජනාධිපතිකම අහෝසි කරන්න යෑයි කියමින් සටන් කළ එක්‌සත් ජාතික පක්‍ෂයටත්, ජනතා විමුක්‌ති පෙරමුණටත්, පාර්ලිමේන්තුව තුළදී යළි එකට එකතු විය හැක්‌කේ මේ මැතිවරණ ක්‍රමය අහෝසි කරන දිනකය. මෙවර මහ මැතිවරණයේ එක්‌සත් ජනතා නිදහස් සන්ධානයට තුනෙන් දෙකක බලයක් නොලැබුණද මේ මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමට අවස්‌ථාව එවිට උදාවේ.
ප්‍රභාකරන් නැති රටේ ත්‍රස්‌තවාදයද නැත. මනාප පොරය නැති රටකට මැර බලය, පාතාලයද අවශ්‍ය නොවේ. එවිට කූට ජාවාරම්කරුවන්ට පමණක් නොව මේ රටේ මානව හිතවාදීන්ට, සමාජ සේවකයන්ටද, දේශප්‍රේමීන්ටද, දේශපාලනයට පිවිසීමට ඉඩ ලැබේ. එවිට කොන්ත්‍රාත්කරුවන්, ජාවාරම්කරුවන් දේශපාලනඥයන් ගෙන් ගැලවී වෙන වෙනම සිය ව්‍යාපාර කටයුතුවලට තල්ලු වේ. බසයේ නැගී පාර්ලිමේන්තුවට පැමිණ පාර්ලිමේන්තු සභා ගැබේ වාඩිවී යළි ගමට ගොස් ජීවත්වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු යළි මෙරට බිහිවන යුගය එවිට උදාවේ. කොටි නැති, පාතාලය නැති රටක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අවිගත් පොලිස්, හමුදා රැකවරණද අවශ්‍ය නොවේ.
මේ වෙනස උදාවන දවසක් තිබේ නම් එය මේ රට සංවර්ධනය වූ දවසය. මෙරට දේශපාලනය යහපාලනයක් බවට පත්වූ දවසය. ඒ දවස මේ රට ප්‍රජාතන්ත්‍රවාදයේ හිනිපෙත්තටම ගොඩ වූ දවසය.
ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගෙන් පසු විධායක ජනාධිපති ධුරයක් මෙරටට අවශ්‍ය නැත. මනාප බලු පොරයද රටට අවශ්‍ය නැත.
ත්‍රස්‌තවාදය පරාජය කළ මහින්ද රාජපක්‍ෂ මහතාට මේ ගඳ ගසන දේශපාලන සංස්‌කෘතිය අහෝසි කිරිමට හැකි බව විශ්වාසය. එනිසා දේශපාලනයේa මොන්ටිසෝරියේ සිට පාර්ලිමේන්තුව දක්‌වා යන මේ දේශපාලන ක්‍රමය ඉක්‌මනින්ම නිවැරදි මාවතට ගත යුතුය.
තුනෙන් දෙකක පාර්ලිමේන්තු බලය නොලැබුණත් කැබිනට් මණ්‌ඩලය අඩු කිරීම, කොන්ත්‍රාත්කරුවන් පළවා හැරීම, මතට තිත ක්‍රියාත්මක කිරීම, පාතාලය වැනසීම, රට සංවර්ධනය, රාජ්‍ය යාන්ත්‍රණය සැකසීම අපට කළ හැකි දේවල්ය. එනිසා එළඹෙන බක්‌මහ මේ රට විපර්යාසයන්ට ලක් කරන යුගය වනු ඇතැයි ජනතා විශ්වාසයය.
ඒ ජනතා විශ්වාසය ඉටුකර, රට සංවර්ධනය කර මේ මානව වර්ගය මුළු ලෝකයටම ආදර්ශවත් ජාතියක් බවට පත් කිරීම මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා අතින් ඉටුවිය යුතු ඊළඟ තීරණාත්මක ජාතික මෙහෙවරය.
ශිරාන් රණසිංහ
courtesy: divaina

Comments(0)
Add Comment

March 12, 2010, 10:15 AM
මහින්ද චින්තන "ඉදිරි දැක්ම" මහ සමුළුව ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ
ප්‍රධානත්වයෙන් අද කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.
"ශ්‍රී ලංකාව ආසියාවේ ඓශ්චර්යය කරමු" යන තේමාව යටතේ පැවැත්වෙන මෙම සමුළුව වැඩ කරන ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

March 11, 2010, 2:20 PM
විපක්‍ෂය සිදුකරන ඇතැම් ප්‍රකාශ අනුව ඔවුන් මෙවර මහමැතිවරණයේ පරාජය භාරගෙන
අවසන් බැව් ජාත්‍යන්තර වෙළඳ කරයුතු අමාත්‍ය,කැබිනට් ප්‍රකාශක මහාචාර්ය
ජී.එල්.පීරිස් මහතා ප්‍රකාශ කරයි.
March 10, 2010, 9:20 AM
යාපනයේ වැවෙන කැරට්වල අල වගේම කොළ ත් ආහාරයට ගත හැකි බව වෙළෙඳ හා පාරිභෝගික කටයුතු අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
යාපනයේ වැවෙන කැරට් එතරම් ගුණදායක වුණත් තමන්ට තාමත් කිසිවෙක් යාපනයේ කැරට් කැවීමට උත්සාහ නොකළ බවද හෙතෙම කියා සිටියේ අද පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි.