හාල් ගැන පුළුවන්-බිත්තර ගැන බෑ
March 10, 2010, 9:20 AM
යාපනයේ වැවෙන කැරට්වල අල වගේම කොළ ත් ආහාරයට ගත හැකි බව වෙළෙඳ හා පාරිභෝගික කටයුතු අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

යාපනයේ වැවෙන කැරට් එතරම් ගුණදායක වුණත් තමන්ට තාමත් කිසිවෙක් යාපනයේ කැරට් කැවීමට උත්සාහ නොකළ බවද හෙතෙම කියා සිටියේ අද පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි.

මේ වන විට සහල් අවශ්‍ය ප්‍රමාණයෙන් වෙළෙඳපොළේ පවතින බවත්,සහල් ආනයනය මේ වන විට නතර කර ඇති බවත්, එසේ කරනු ලැබුවේ දේශීය සහල් ගොවියා ආරක්ෂා කිරීමට බවත් ඇමතිවරයා කියා සිටියේය.

2012 වන තෙක් සහල් සම්බන්ධයෙන් තමා වග කියන වගද ඔහු පැවසීය. ‍වෙළෙඳපොළේ සහල් මිල අත්තනෝමතික ලෙස වැඩි කරන අයට හෙට සිට නීතිය ක්‍රියාත්මක කරන බවත්,පාරිභෝගික ආරක්ෂක අධිකාරිය විසින් ඔවුන්ට එරෙහිව ක්‍රියා මාර්ග ගන්නා බවත් ගුණවර්ධන මහතා සඳහන් කළේය.

කුකුල් මස් කිලෝවක උපරිම මිල රු.350 ක් විය යුතු බවත්,බිත්තර සම්බන්ධයෙන් තමන්ට වග කිව නොහැකි බවත් ඇමතිවරයා පැවසීය. බිත්තර මිල පිළිබඳ වගකීම දරනු ඇත්තේ පශු සම්පත් අමාත්‍යංශය බවද ඇමතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
courtesy: adaderana

  


B0vhyz wjnguetunqmx, [url=http://isybjpiyxrbq.com/]isybjpiyxrbq[/url], [link=http://bdsekwvrbumu.com/]bdsekwvrbumu[/link], http://eyhqxyyqhmka.com/
( Posted by tnxlaihf on May 16, 2010, 7:18 AM)

  Add Comment

Name A value is required.
Email Invalid format. (Not for publishing)
Contact. No  (Not for publishing)
Comment A value is required.
 

Copyright © timesoflanka.com- 2008   E-Mail: info@timesoflanka.com