රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයක් පිළිබඳ ප්‍රශ්න කිරීම සඳහා ජනතා විමුක්‌ති පෙරමුණේ පාර්ලිමේන්තු කණ්‌ඩායම් නායක අනුර කුමාර දිසානායක මහතා හෙට (23 දා) සහ අනිද්දා (24 දා) යන දිනවල අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත.
අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස දිසානායක මහතාට ලිපි දෙකක් එවා ඇතැයිද එම ලිපිවල සඳහන්කර තිබෙන්නේ රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයක් පිළිබඳ ප්‍රශ්න කිරීමට බව ද ජනතා විමුක්‌ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ ප්‍රධාන ලේකම් විජිත හේරත් මහතා ප්‍රකාශ කළේය.
මේ අතර ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ බිරිය වන අනෝමා ෆොන්සේකා මහත්මියගෙන් ද ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඊයේ (21 දා) සවස ඒ මහත්මියගේ නිවසට පැමිණෙන බව දැනුම්දී ඇතැයි විජිත හේරත් මහතා ප්‍රකාශ කළේය.
courtesy: diaina

"ශ්‍රී ලංකාව ආසියාවේ ඓශ්චර්යය කරමු" යන තේමාව යටතේ පැවැත්වෙන මෙම සමුළුව වැඩ කරන ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.
විපක්ෂය සිදුකරන ඇතැම් ප්‍රකාශ අනුව ඔවුන් මෙවර මහමැතිවරණයේ පරාජය භාරගෙන
අවසන් බැව් ජාත්‍යන්තර වෙළඳ කරයුතු අමාත්‍ය,කැබිනට් ප්‍රකාශක මහාචාර්ය
ජී.එල්.පීරිස් මහතා ප්‍රකාශ කරයි.
යාපනයේ වැවෙන කැරට් එතරම් ගුණදායක වුණත් තමන්ට තාමත් කිසිවෙක් යාපනයේ කැරට් කැවීමට උත්සාහ නොකළ බවද හෙතෙම කියා සිටියේ අද පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි.