පසුගිය දා සරත් ෆොන්සේකා විසින් බි‍්‍රතාන්‍යයේ චැනල් 4 රූපවාහිනී නාලිකාවට රහසිගත ලිපියක් යැව්වා යැයි කියන පුවත විහිළුවක් වුවද එම ලිපියේ අන්තර්ගත කරුණු සත්‍ය බව ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික සන්ධානයේ ලේකම් විජිත හේරත් මහතා පවසයි. ඊයේ (21) පැවති මාධ්‍ය හමුවක දී මේ පිළිබඳ අදහස් දැක්වූ ඒ මහතා ප‍්‍රකාශ කළේ ෆොන්සේකා මහතා රඳවා ඇති ස්ථානයේ පවතින ආරක්‍ෂක තත්වය අනුව ලිපියක් හුවමාරු කිරීමට කිසිදු ඉඩක් නොපවතින බවය.
මෙහිදී ෆොන්සේකා මහත්මිය ද මේ ලිපිය සම්බන්ධව අදහස් දැක්වූ අතර ඇය කියා සිටියේ තමන් එවැනි ලිපියක් ගැන කිසිවක් නොදන්නා බව සහ ඒ පිළිබඳ රාජ්‍ය මාධ්‍ය වල පළ වන අසත්‍ය ප‍්‍රචාර වලට පවා සවන් දෙන්නේ ද නැති බවය. එසේ වුවද මෙහිදී විජිත හේරත් මහතා විසින් එම ලිපියේ අන්තර්ගත කරුණු සත්‍ය යැයි පැවසීම බොහෝ දෙනෙකුට ගැටලූවක් වූ අතර ජාත්‍යන්තර වශයෙන් අවධානයට පාත‍්‍ර වූ මෙම ලිපිය ඔවුන්ගේ සැලසුමකට අනුව ප‍්‍රචාරය වූවාද යන කාරණය මේ හරහා තහවුරු වන්නේ දැයි මාධ්‍යවේදීන් ඒ සම්බන්ධව ප‍්‍රශ්න කිරීමේ දී ලිස්සා යාමේ ප‍්‍රතිපත්තියක් අනුගමනය කළ විජිත හේරත් මහතා චැනල් 4 නාලිකාව මේ ලිපිය ගැන වාර්තා කරන ලද තොරතුරු ගැන කිසිවක් කතා නොකිරීම ද විශේෂත්වයකි.
පසුගිය 16 වන දා බි‍්‍රතාන්‍යයේ චැනල් 4 නාලිකාව හරහා විකාශය වූ මෙම ලිපිය ෆොන්සේකා හරහා ලබා ගත් බවත් ඒ සම්බන්ධව අනෝමා ෆොන්සේකා මහත්මියගෙන් ද අදහස් ලබා ගත් බවත් එම නාලිකාව මගින් වාර්තා කර තිබූ අතර ෆොන්සේකාගේ අත්අකුරින් යුත් මෙහි මුල් පිටපත ද පසුගිය දා මාධ්‍ය හරහා ප‍්‍රසිද්ධියට පත් කෙරිණි.

courtesy:lankacnews

"ශ්‍රී ලංකාව ආසියාවේ ඓශ්චර්යය කරමු" යන තේමාව යටතේ පැවැත්වෙන මෙම සමුළුව වැඩ කරන ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.
විපක්ෂය සිදුකරන ඇතැම් ප‍්‍රකාශ අනුව ඔවුන් මෙවර මහමැතිවරණයේ පරාජය භාරගෙන
අවසන් බැව් ජාත්‍යන්තර වෙළඳ කරයුතු අමාත්‍ය,කැබිනට් ප්‍රකාශක මහාචාර්ය
ජී.එල්.පීරිස් මහතා ප‍්‍රකාශ කරයි.
යාපනයේ වැවෙන කැරට් එතරම් ගුණදායක වුණත් තමන්ට තාමත් කිසිවෙක් යාපනයේ කැරට් කැවීමට උත්සාහ නොකළ බවද හෙතෙම කියා සිටියේ අද පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි.