සිරසට ගල් ගසයි
March 23, 2010, 8:10 AM

සංවිධානාත්මක කණ්ඩායමක් විසින් කොළඹ 02 කොම්පඤ්ඤවීදියේ බ්‍රේබෲක් පෙදෙසෙහි පිහිටි එම්ටීවී සහ එම්බීසී ආයතනවල ප‍්‍රධාන කාර්යාලයට අද (22) පස්වරුවේ ගල් මුල් ප‍්‍රහාරයක් එල්ල කොට තිබේ. වාර්තා වන අන්දමට සිද්ධියෙන් එම ආයතනයට හානි සිදුවී ඇති අතර එම්ටීවී සහ එම්බීසී සේවකයන් ද ප‍්‍රහාරය සඳහා පැමිණි පිරිසට ගල් මුල් වලින් නැවත පහරදී ඇත. ප්‍රහාර වලට ප්‍රසිද්ධ නියෝජ්‍ය අමාත්‍යවරයෙකුට සම්බන්ධ බව කියන සියයක පමණ මැර පිරිසක් අද පස්වරුවේ පැමිණ කැපිටල් මහරාජා සංවිධානයේ ප්‍රධාන කාර්යාලයට මෙම අනපේක්ෂිත මැර ප්‍රහාරය එල්ලකළ බවත් ඔවුන් ගල්මුල් වලින් පහරදීම නිසා ප්‍රධාන කාර්යාලයට හා එහි නවතා තිබූ වාහන රැසකට අලාභ හානි සිදුවී තිබෙන බවත් වාර්තාවේ.

වාර්තාවන අන්දමට මෙම ප්‍රහාරය නිසා කිහිප දෙනෙකුම තුවාල ලබා ඇත.

මෙම මැර පිරිස එල්ලකළ ගල් වලින්ම මහරාජා සංවිධානයේ සේවකයින් ඔවුන්ට ප්‍රතිප්‍රහාර එල්ල කළ බවත් ඒ හමුවේ මැර පිරිස පසුබා ගිය බවත් එහි සිටින ප්‍රකාශකයෙකු කීය.

වාර්තා වන්නේ පොලීසිය පැමිණ මෙම මැර පිරිසේ දහසය දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බවයි.

courtesy:lankacnews


   Comments(0)


  Add Comment

Name A value is required.
Email Invalid format. (Not for publishing)
Contact. No  (Not for publishing)
Comment A value is required.
 

Copyright © timesoflanka.com- 2008   E-Mail: info@timesoflanka.com