- තිස්ස ජවිපෙ අවසන් තුරුම්පුවටත් පහර දෙයි
ජනරාල් සරත් ෆොන්සේකා නිදහස් කර ගත හැකි එකම ක‍්‍රමය කුසලානයටත් බුලත් කොළයටත් ඡන්දය දීම නොව අලියාට ඡන්දය දී එජාප ආණ්ඩුවක් පිහිටුව ගැනීම බව එක්සත් ජාතික පක්‍ෂ මහ ලේකම් තිස්ස අත්තනායක මහතා පවසයි. ඊයේ (23) පැවති මාධ්‍ය හමුවක දී මේ අදහස් පළ කළ අත්තනායක මහතා පෙන්වා දුන්නේ ෆොන්සේකා කුසලානයෙන් තරග කොට ජයග‍්‍රහණය කළ ද ඔහු නිදහස් කර ගැනීම සඳහා ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික සන්ධානයට කිසිදු හැකියාවක් නොමැති බැවින් එය කළ හැක්කේ එක්සත් ජාතික පක්‍ෂයට පමණක් බවය.
මේ නිසා ෆොන්සේකා නිදහස් කර ගැනීමට අවශ්‍ය නම් එක්සත් ජාතික පෙරමුණට ඡුන්දය ලබා දෙන ලෙසත් තම ආණ්ඩුවක් පිහිට වූ වහාම එහි පළමු කටයුත්ත ලෙස ෆොන්සේකා නිදහස් කරන බවත් මහලේකම්වරයා මෙහිදී අවධාරණය කරන ලදී.
මේ වන විට ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික සන්ධානය තම ජාතික මැතිවරණ සටන් පාඨය බවට පත් කර ගෙන ඇත්තේ ෆොන්සේකා නිදහස් කර ගැනීමය. මේ දිනවල විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය හරහා ප‍්‍රචාරය වන ඔවුන්ගේ සියලූ මැතිවරණ දැන්වීම් හරහා ද ඡන්දදායකයන්ගෙන් ඉල්ලා සිටින්නේ සරත් ෆොන්සේකා නිදහස් කර ගැනීම සඳහා ඔබේ ඡන්දය උත්තම පූජාවක් බවට පත් කර ගන්නා ලෙසය. මෙවන් තත්වයක් තුළ තිස්ස අත්තනායකගේ ප‍්‍රකාශය හරහා ජවිපෙ අවසන් සටන් පාඨයට ද පහර වැදුණු අතර මෙය එම පක්‍ෂ දෙක අතර විශාල කතාබහකට ද හේතු වී ඇති බව වාර්තා වේ.
courtesy: lannkacnews

"ශ්‍රී ලංකාව ආසියාවේ ඓශ්චර්යය කරමු" යන තේමාව යටතේ පැවැත්වෙන මෙම සමුළුව වැඩ කරන ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.
විපක්ෂය සිදුකරන ඇතැම් ප්‍රකාශ අනුව ඔවුන් මෙවර මහමැතිවරණයේ පරාජය භාරගෙන
අවසන් බැව් ජාත්‍යන්තර වෙළඳ කරයුතු අමාත්‍ය,කැබිනට් ප්‍රකාශක මහාචාර්ය
ජී.එල්.පීරිස් මහතා ප්‍රකාශ කරයි.
යාපනයේ වැවෙන කැරට් එතරම් ගුණදායක වුණත් තමන්ට තාමත් කිසිවෙක් යාපනයේ කැරට් කැවීමට උත්සාහ නොකළ බවද හෙතෙම කියා සිටියේ අද පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි.