- ඒෂියන් ටි‍්‍රබියුන් සමීක්‍ෂණය හෙළි කරයි
ලබන මස 8 වන දා පැවැත්වෙන මහ මැතිවරණයෙන් සරත් ෆොන්සේකා නායකත්වය දරන ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික සන්ධානයට කොළඹ දිස්ත‍්‍රික්කයෙන් එකදු මන්ත‍්‍රී ධුරයක් හෝ ලබා ගත නොහැකි බව ඒෂියන් ටි‍්‍රබියුන් වෙබ් අඩවිය සිදු කළ සමීක්‍ෂණයකින් හෙළි වී තිබේ. එම වෙබ් අඩවිය පෙන්වා දෙන්නේ සමස්ත කොළඹ දිස්ත‍්‍රික්කයම ආවරණය වන පරිදි පැවැත්වූ මෙම පුළුල් සමීක්‍ෂණයට අනුව එක්සත් ජනතා නිදහස් සන්ධානය ආසන 14 ක් ලබා ගනු ඇති බවත් එක්සත් ජාතික පක්‍ෂය ආසන 05 ක් ලබා ගනු ඇති බවත්ය. ඒ අනුව වෙනත් කිසිදු පක්‍ෂයකට කොළඹ දිස්ත‍්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වීමට ඉඩක් නොමැති බව ඒෂියන් ටි‍්‍රබියුන් අඩවිය පවසයි.
මෙවර මහ මැතිවරණය සඳහා පිළිගත් දේශපාලන පක්‍ෂ 22 කින් සහ ස්වාධීන කණ්ඩායම් 16 කින් කොළඹ දිස්ත‍්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ධුර 19 ක් වෙනුවෙන් අපේක්‍ෂකයන් 836 දෙනකක් තරග වදිති. පසුගිය 2004 මහ මැතිවරණයේ දී එක්සත් ජාතික පක්‍ෂය කොළඹ දිස්ත‍්‍රික්කයෙන් මන්ත‍්‍රී ධුර 09 ක් දිනා ගත් අතර ජනතා විමුක්ති පෙරමුණ එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ තරග කොට ආසන 03 ක් ලබා ගත්තේය. විශේෂයෙන් එවර එජාපයෙන් තරග කළ මිලින්ද මොරගොඩ බන්දුල ගුණවර්ධන ගාමිණී ලොකුගේ සහ එම්.එච්.මොහොමඞ් යන මහත්වරු මේ වන විට එජනිස යට එක් වී සිටිති. එමෙන්ම එම මැතිවරණයේ දී එජාපය යටතේ ඉදිරිපත් වූ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික පෙරමුණේ නායක මනෝ ගනේෂන් ද මෙවර එජාපයෙන් තරග නොකරයි. මීට අමතරව 2004 දී ජවිපෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ විමල් වීරවංශ මහතා ද මෙවර තරග කරන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේය.
මේ අතර ජවිපෙ අභ්‍යන්තර සංවිධාන හරහා සිදු කළ සමීක්‍ෂණ වලට අනුව එම පක්‍ෂයට කොළඹින් සියයට 3 ක ඡන්ද ප‍්‍රතිශතක් ලබා ගැනීම පවා අසීරු බව මීට දින කිහිපයකට පෙර අපගේ වෙබ් අඩවිය මගින් අනාවරණ කෙරිණි.
courtesy: lankacnews

"ශ්‍රී ලංකාව ආසියාවේ ඓශ්චර්යය කරමු" යන තේමාව යටතේ පැවැත්වෙන මෙම සමුළුව වැඩ කරන ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.
විපක්ෂය සිදුකරන ඇතැම් ප්‍රකාශ අනුව ඔවුන් මෙවර මහමැතිවරණයේ පරාජය භාරගෙන
අවසන් බැව් ජාත්‍යන්තර වෙළඳ කරයුතු අමාත්‍ය,කැබිනට් ප්‍රකාශක මහාචාර්ය
ජී.එල්.පීරිස් මහතා ප්‍රකාශ කරයි.
යාපනයේ වැවෙන කැරට් එතරම් ගුණදායක වුණත් තමන්ට තාමත් කිසිවෙක් යාපනයේ කැරට් කැවීමට උත්සාහ නොකළ බවද හෙතෙම කියා සිටියේ අද පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි.