අනුර ටිරාන්වත් එළවා ගනී
March 26, 2010, 1:25 PM

ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික සන්ධානය පිහිටුවීමේ දී එහි සභාපති තනතුර භාරගත් ටිරාන් අලස් මේ වන විට එම සන්ධානයේ කටයුතු අතහැර දමා ඇතැයි වාර්තා වේ. මේ නිසා පසුගිය කාලයේ දී ඔහු පිළිබඳ තොරතුරු මාධ්‍ය හරහා ද වාර්තා නොවූ අතර ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික සන්ධානයේ ප‍්‍රධාන රැස්වීම් උත්සව ආදියට පවා ටිරාන් අලස් සහභාගි වූයේ කලාතුරකිනි.

ජාතික ලැයිස්තුවේ මන්ත‍්‍රී ධුරයක් ලබා ගැනීම සම්බන්ධව ඇතිවූ ගැටුමක් අලස් මහතාගේ මෙම දුරස්වීමට හේතු වී ඇති අතර කුසලාන සන්ධානයේ ජයග‍්‍රහණය පිළිබඳ විශ්වාසය බිඳවැටී තිබීම ද ඊට බලපා තිබේ. ටිරාන් අලස් මෙම සන්ධානයට එක් වූයේ ජාතික ලැයිස්තුවේ මුල් තැනට තම නම ඇතුළත් කිරීමේ එකගතාව මත වුව ද පසුව අනුර දිසානායක සූක්‍ෂමව ජාතික ලැයිස්තුවට රිංගා ගැනීම නිසා ඔහුගේ නම දෙවැනි තැනට වැටිණි. මේ කාරණය මුල් කරගෙන අනුර දිසානායක හා ඇතිවූ ආරවුල මුල් කරගෙන ටිරාන් කුසලාන සන්ධානයේ කටයුතු වලින් ඈත් වීමට තීරණය කොට ඇති බව වාර්තා වේ.

courtesy: lankacnews


   Comments(0)


  Add Comment

Name A value is required.
Email Invalid format. (Not for publishing)
Contact. No  (Not for publishing)
Comment A value is required.
 

Copyright © timesoflanka.com- 2008   E-Mail: info@timesoflanka.com