විපක්‍ෂයේ සිට එන කිසිවකු මින්පසු රජයට භාර ගන්නේ නෑ මේ නිසා ආණ්‌ඩුවට වැඩි මන්ත්‍රී පිරිසක්‌ පත්කර එවන්න
April 3, 2010, 10:50 AM

ජනපති මහින්ද රාජපක්‍ෂ වවුනියාවේදී කියයි

දිනසේන රතුගමගේ

විපක්‍ෂයේ සිට පැමිණෙන කිසිවකු මින් ඉදිරියට රජයට භාර නොගන්නා නිසා ආණ්‌ඩු පක්‍ෂයට වැඩියෙන් මන්ත්‍රීවරුන් තෝරා පත් කොට එවන මෙන් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා 1 වැනිදා වවුනියාවේදී පැවැසීය.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ මෙවර මහ මැතිවරණයට එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයෙන් තරග කරන අපේක්‍ෂකයන්ට ආධාර පිණිස වවුනියාව නගර සභා ක්‍රීඩාංගණයේ පැවැති ජන හමුවක්‌ අමතමිනි.

මෙහිදී තවදුරටත් කතා කළ ජනාධිපතිවරයා තමන්ගේ වටිනා ඡන්දය විපක්‍ෂයට වී පුටු රත් කිරීමට පැමිණෙන දේශපාලනඥයන්ට ලබා නොදෙන ලෙසත්, තම කණ්‌ඩායමට ඡන්දය ලබා දී ශක්‌තිමත් පාර්ලිමේන්තුවක්‌ පිහිටුවා ඔවුන්ගෙන් ජනතාව වැඩ කරවා ගත යුතු බවත් පැවැසීය.

ජනාධිපතිවරණයේදී වන්නියේ ජනතාව රජයට පක්‍ෂපාතව හා විපක්‍ෂව ඡන්දය ප්‍රකාශ කළා. ඡන්දය ප්‍රකාශ කළ සියලු දෙනාටම මම ස්‌තුතිවන්ත වනවා. මේ රටේ ජනතාව මට අවුරුදු හතකට බලය ලබා දී තිබෙනවා. ඒ බලයත් පාර්ලිමේන්තු බලයත් එකතු කරගෙන මෙම ප්‍රදේශය හා මුළු රට සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙළට අපි යා යුතුයි.

වන්නියේ ජනතාවට නිවාස ඉදිකොට දීමට ජලය සපයා දීමට විදුලිය ලබා දීමට පාසල් ඉදිකිරීමට මේ ප්‍රදේශයෙන් ඉදිරිපත් වී සිටින අපේක්‍ෂකයන් ජයග්‍රහණය කරවිය යුතුයි.

අවුරුදු තිහක කාලයක්‌ එල්.ටී.ටී.ඊ.යෙන් බැටකමින් ජීවත් වූ වන්නියේ ජනතාවට සහනයක්‌ ලබාදීමට මේ ප්‍රදේශ ඉතා ඉක්‌මනින් සංවර්ධනය කරනවා. කර්මාන්තශාලා ගෙන ඒම, මංමාවත් හැදීම, ඉතා ශීඝ්‍රයෙන් සිදු කරන අතර උන්හිටිතැන් අහිමි වූ ජනතාව ඉතා ඉක්‌මනින් යළි පදිංචි කරනවා. ඔවුන්ගේ සියලු ප්‍රශ්න විසඳීමට අපි කටයුතු කරනවා. වැරැදි ක්‍රියාවලට යොමුවීම නිසා මේ රටේ තරුණ තරුණියන් විශාල පිරිසකට පසුගිය වසර තිහ තුළ සියල්ල අහිමි වී ගියා. එල්.ටී.ටී.ඊ.ය සිදු කළ දේ යළි සිදු කිරීමට වෙනත් නම්වලින් එන පිරිසකට ඉඩදිය යුතු නැහැ. එසේ නොකළ යුතුයි. මේ රටට ජාතිවාදී බලවේග අවශ්‍ය නෑ.

මේ නිසා ජාතිවාදය පිටු දැකීමට බුලත් කොළයට ඡන්දය දෙන්න. එක මවකගේ දරුවන් මෙන් නැඟී සිටීමට සූදානම් වෙන්න. කාටවත්

රැවටෙන්න එපා. ටී. එන්. ඒ. කියලා එයි. තව තව නම්වලින් එයි. මේ සියලු දෙනාම එන්නේ අපි භේද කරන්නයි. ඔවුන්ට

රැවටෙන්නේ නැතුව මේ රට ගොඩ ගැනීමට බුලත් කොළයට ඡන්දය ලබා දෙන ලෙස මම තමුන්නාන්සේලාගෙන් ඉල්ලා සිටිනවා.

courtesy: divaina


   Comments(0)


  Add Comment

Name A value is required.
Email Invalid format. (Not for publishing)
Contact. No  (Not for publishing)
Comment A value is required.
 

Copyright © timesoflanka.com- 2008   E-Mail: info@timesoflanka.com