ශ්‍රී ලංකාවේ මාධ්‍ය නිදහස උල්ලංඝනය වෙනවා
- රොබට් බ්ලේක් හිටපු ඇමරිකානු තානාපති
වෙඩි තියන්න නොකඩවා වෙඩි තියන්න. මැරිච්ච අවජාතකයන් දෙස බලන්න
- ඇමරිකානු ප්‍රහාරක හෙලිකොප්ටරයක සිටි ප්‍රහාරක සෙබලෙක්
ඇමරිකානු සොල්දාදුවන් මාධ්‍යවේදීන් දෙදෙනකු
ඝාතනය කරන අයුරු වීඩියෝ පටයෙන් දිස්‌වේ
- ඇසෝෂියේට්‌ස් ප්‍රෙස්
මෙරට හිටපු ඇමරිකානු තානාපති හා වත්මන් සහකාර රාජ්‍ය ලේකම් රොබට් බ්ලේක් මානව හිමිකම් හා මාධ්‍ය නිදහස ගැන විටින් විට හඬ නගමින් ශ්‍රී ලංකා රජයට දැඩි ලෙස චෝදනා කර තිබුණි. ඔහු ශ්‍රී ලංකාවේ හමුදාව යුද අපරාධ සිදු කළ බවට දක්‌වමින් අමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව වෙත වාර්තාවක් ද යොමු කර තිබිණි. බ්ලේක්‌ලාගේ මේ ප්‍රකාශ විදෙස් අරමුදල් මත යෑපෙන මෙරට නිදහස් මාධ්‍ය ව්‍යාපාරික ජාලයට ද සතුටට කරුණක් බැවින් ඔවුහු දේශපාලනඥයකු හරහා ජිනීවා නුවරට වාර්තා යවමින් ශ්‍රී ලංකාවේ රජය මාධ්‍ය නිදහස උල්ලංඝනය කරනවා යෑයි කියමින් බෙරිහන් දුන්හ.
අද අප අනාවරණය කරන්නේ ඇමරිකානුවන් මාධ්‍ය නිදහස උල්ලංඝනය කළ අයුරුයි. 2007 ජුලි 12 වැනිදා ඉරාකයේ නැගෙනහිර බැග්ඩෑඩ් ප්‍රදේශයේදී ඇමරිකානු ඇපචි ප්‍රහාරක හෙලිකොප්ටරයක් මගින් එල්ල කළ ප්‍රහාරයකින් විසි දෙහැවිරිදි නමීර් නූර් සහ හතළිස් හැවිරිදි සයිද් චාමා නමැති මාධ්‍යවේදීන් දෙදෙනා මරුමුවට පත්වූහ. වසර තුනක් තිස්‌සේ ඇමරිකානු බලධාරීහු පැවසුවේ ඇමරිකානු හමුදා සහ සටන්කාමී කැරලිකරුවන් අතර වූ වෙඩි හුවමාරුවට මෙම මාධ්‍යවේදීන් ගොදුරු වූ බවය.
මෙම වෙඩි තැබීමේ සිද්ධියට අදාළ ප්‍රහාරක හෙලිකොප්ටර් දෙක මගින් පටිගත කළ වීඩියෝපටය ලබා දෙන්නැයි රොයිටර් ආයතනය කළ ඉල්ලීම ඇමරිකානු බලධාරීහු ප්‍රතික්‍ෂේප කළහ.
ඉරාකයේ සිටින ඇමරිකානු හමුදා බලධාරීන් පැවසුවේ සුළු අවි සහ යුද ටැංකි නාශක විඳිනයන්ගෙන් ප්‍රහාර එල්ල වීම නිසා ප්‍රහාරක හෙලිකොප්ටර් කැඳවූ බවකි.
එහෙත් එම ප්‍රදේශයේ සිටි රොයිටර් කණ්‌ඩායමට මෙකී ප්‍රහාර එල්ල වීමට පෙර ඔවුන් ජංගම දුරකථන මගින් පවසා ඇත්තේ කිසිම කැරලිකාර කණ්‌ඩායමක් නොසිටි බවය.
එසේ වුවත් මේ වෙඩි තැබීමට අදාළ වීඩියෝපටයක් දැන් ප්‍රකාශයට පත් වී තිබේ. මේ නිසා වඩාත් කළබලයට පත්වී ඇත්තේ ඇමරිකානු බලධාරීන් ය. මෙම වීඩියෝපටය සම්බන්ධයෙන් ඇමරිකානු බලධාරීහු නිහඬතාවය රකින අතර එය යම්කිසිවකු විසින් දැකීම වැළැක්‌වීමට ද ඇමරිකානු රජයේ අවශ්‍යතාව වී තිබේ.
ඹගීග Aමඑයදරසඑසැs aරු Sසකැබඑ aඉදමඑ sයදජනසබට ඪසාeද aබා එයසි සි එයෑ ඩසාeද එයෑ ඹගීග ටදඩඑ අදමකා බදඑ ආබඑ sදපැදබැ එද seeග
ඇමරිකානු බලධාරීන් විසින් වසන් කළ මෙම වෙඩි තැබීමේ සිද්ධියට අදාළ වීඩියෝපටය ප්‍රහාරක ඇපචි හෙලිකොප්ටරයක සිට කැමරා ගත වූවකි. එය දැන් එළිදක්‌වා ඇත්තේ ඇමරිකානු සෙබලකු විසින් යෑයි කියති. මේ වීඩියෝ පටයෙන් පෙන්නුම් කරන්නේ ඉරාක සිවිල් වැසියන් කණ්‌ඩායමකට ඇමරිකානු සෙබළුන් වෙඩි තබන අයුරුයි.
මෙම කණ්‌ඩායම අවි ආයුධ සහිතව ගමන් කරන බව සිතා ඇමරිකානු සෙබළුන් විසින් වෙඩි තැබීමට අවසර ඉල්ලා ඇත..
මේ සිදුවීම සම්බන්ධයෙන් අල් ජසිරා සේවාවේ නමිර් නූර් ඇමරිකානු බලධාරීන්ගෙන් මෙලෙස ප්‍රශ්න කරයි. ඇමරිකාව විසින් ඉරාකයට ගෙන ආ ප්‍රජාතන්ත්‍රවාදයත් නිදහසත් මේකද?
ෂි එයසි එයෑ deපදජර්ජහ aබා රෙeedදප එය්එ එයෑහ ජක්‌සප එද ය්ඩැ ඉරදමටයඑ එද ෂRAQ
මෙම ප්‍රශ්නයට ප්‍රතිචාර දැක්‌විය යුත්තේ ඉරාකයේ හිටපු ඇමරිකානු තානාපති හා ශ්‍රී ලංකාවේ වත්මන් ඇමරිකානු තානාපතිනි පැට්‌රීෂියා බුටේනිස් ය.
මෙම වීඩියෝපටයෙන් රොයිටර් නියෝජිතයන් දෙදෙනා සිය කැමරා ආම්පන්න රැගෙන ගමන් කරන අයුරුත් සිවිල් වැසියන් ද එම ප්‍රදේශයේ සිටින අයුරුත් දර්ශනය වේ.
එසේම ඇමරිකානු හෙලිකොප්ටර් විසින් මැෂින් තුවක්‌කුවකින් ප්‍රහාර එල්ල කරන අවස්‌ථාවේ ඊට ප්‍රතිප්‍රහාර එල්ල වන බවත් දක්‌නට නැත.
ප්‍රහාර එල්ල වී දූවිලි පහව ගියාට පසු එකී ප්‍රහාරක හෙලිකොප්ටරයක සිටි සෙබලෙක් මැරිච්ච අවජාතකයන් දෙස බලන්නැයි පවසන අයුරු ද පටිගත වී ඇත.
මෙකී වීඩියෝ පටයෙන් වැඩිදුරටත් පෙන්නුම් කරන්නේ රොයිටර් නියෝජිතයන් දෙදෙනාට අමතරව සිවිල් වැසියන් පිරිසක් ද මියගොස් ඇති බවයි. මෙම හෙලිකොප්ටර් ප්‍රහාරයට අදාළ වීඩියෝ පටයේ තවදුරටත් දිස්‌වන්නේ කුඩා දැරියන් දෙදෙනකු සහිත කැබ් රථයක් එම සිද්ධිය වූ ස්‌ථානයට පැමිණ රොයිටර් රියෑදුරු සමිද්ට උපකාර කිරීමට උත්සාහ කරන අයුරුයි.
එම කැබ් රථයෙන් ඉවතට පැමිණි මිනිසුන් දෙදෙනකු තුවාලකරුට උදව් කරද්දී හෙලිකොප්ටර් නියමුවන් යළි වෙඩි තැබීමට අවසර ඉල්ලා ඇත. එම අවසරය ලැබී තිබේ. මෙකී වීඩියෝ පටයේ සත්‍යතාවය සම්බන්ධයෙන් ඇසෝෂිඒට් ප්‍රෙස් ආයතනය කීප වතාවක්‌ම ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවෙන් විමසනු ලැබූවත් එය තහවුරු කර නැත.
මේ අතර ඇමරිකානු හමුදාව කළ විමර්ශනයෙන් පසු අපූරු ප්‍රකාශයක් නිකුත් විය. රොයිටර් නියෝජිතයන් කැරලිකරුවන් අතර මිත්‍ර වී සිටින්නට ඉඩ ඇතැයි ද ඔවුන්ගේ කැමරා ආම්පන්න හඳුනාගැනීමද දුෂ්කර වී ඇතැයි ද එම වාර්තාවේ සදහන් විය.
ඇමරිකානු අධි තාක්‍ෂණික ඇපචි හෙලිකොප්ටරයක කැමරා පද්ධතියට කාලෂිනකෝව් රයිපලයක් හා කැමරාවක් හඳුනාගැනීමට නොහැකි යෑයි ඇමරිකානු බලධාරීන් පැවසීම විහිළුවක් නොවේද?
සිය සොහොයුරු රොයිටර් කැමරා ශිල්පි නමීර් නූර්ගේ ඝාතනය සම්බන්ධයෙන් විමර්ශනය කරන්නැයි ඔහුගේ සොහොයුරු ඉල්ලා සිටි නමුත් එවන් විමර්ශනයක් සිදුවූයේ නැත.
එක්‌සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත පිලිප් ඇල්ස්‌ටන් එම වීඩියෝපටය කැනඩාවේ විමර්ශන මධ්‍යස්‌ථානයකට යෑවීමට හෝ පරීක්‍ෂණයක් පැවැත්වීමට ද උත්සාහ කළේ නැත. ඊට මූලික හේතුව ඝාතකයා ඇමරිකානු හමුදාව වීමයි.
ඇමරිකානු හෙලිකොප්ටර් ප්‍රහාරයෙන් පසු ඇමරිකානු පාබල හමුදා ඒකකයක් එම ස්‌ථානයට යන විට වෙඩි ප්‍රහාර එල්ල වූ කැබ් රියක බරපතල තුවාල ලබා සිටි දැරියන් දෙදෙනකු දැක ගැනීමට ලැබී ඇත.
මෙම දැරියන් දෙදෙනාව ගලවා ගත් සෙබළු ඔවුන්ව ළඟම ඇති ඇමරිකානු ක්‍ෂේත්‍ර රෝහලකට ගෙන ගියහ. එහිදී එම දැරියන්ට ශල්‍යකර්ම සිදුකිරීම ප්‍රතික්‍ෂේප විය.
එම දැරියන් දෙදෙනාව ඉරාක පොලිසියට බාරදෙන ලෙසත් නියෝග කෙරිණි. මෙම දැරියන් දෙදෙනාට බරපතල තුවාල සිදුවීම ගැන ඉරාකයේ ඇමරිකානු හමුදා අණදෙන නිලධාරියකු පැවසුවේ ඔවුන් දෙදෙනාට තුවාල සිදුවූයේ කෙසේද යන්න නොදන්නා බවයි.
උe dද බදඑ නබදඅ යදඅ එයෑහ ඇරු සබවමරුහ saසා ඊaඑඒකසදබ ජදපප්බාeර ඊරුබඑ ජමපපසබට
මේ සම්බන්ධයෙන් ඇපචි ප්‍රහාරක හෙලිකොප්ටර් නියමුවකුගේ කටහඬද වීඩියෝපටයේ සටහන් වී තිබිණි. සටනට දරුවන්ව ගෙන ඒම ගැන වගකිව යුත්තේ ඔවුන් යෑයි නියමුවා පවසා ඇත.
කෙසේ වෙතත් ඇමරිකානු හමුදා විමර්ශකයන් තම පරීක්‍ෂණය නිමා කරමින් පවසා ඇත්තේ දිගු කැමරා කාචය, රොකට් විදිනයක් ලෙසටත්, කැමරාව ඒ. කේ. 47 රයිපලයක් ලෙසටත් හෙලිකොප්ටර් යානා නියමුවන් අදහස් කළ බවයි.
රොයිටර් නියෝජිතයන් දෙදෙනාගේ මෙම ඝාතනය යුධ අපරාධයකි. එහෙත් ඇමරිකානු හමුදාව එය පිළිනොගනී. එහෙත් රොබට් බ්ලේක්‌ලා හඬ නගන්නේ සැබෑ ත්‍රස්‌තවාදීන් ඝාතනයවීම ගැන ය.
එක්‌සත් ජාතීන්ගේ මහ ලේකම් බෑන් කී මූන් මේ සිද්ධිය ගැන විද්වත් ම ණ්‌ඩලයක් පත් කිරීමට යෝජනා කළේ නැත. එසේම අන්තර් ජාතික මාධ්‍ය සංවිධාන නිහඬ විය. මියන්මාරයේ හමුදා නායකයාට එරෙහි පුවරු උස්‌සාගෙන බෙරිහන් දුන් මෙරට නිදහස් මාධ්‍ය ව්‍යාපාරික ජාලය ඇමරිකානු ප්‍රහාරයෙන් මියගිය මාධ්‍ය නියෝජිතයන් සම්බන්ධයෙන් කොටුවේ දුම්රිය ස්‌ථානය අසලදී මොර දුන්නේද නැත. දුන්න ගැන මිසක් දුනුවායා ගැන කතා කරන්නේ නැතැයි යන්න කියමනක් ඇත.
දුනුවායා ඇමරිකාව නම් කුමන කතා ද?
news courtesy: divaina
_____________________________________________________________________________________________
Video courtesy: http://collateralmurder.com/

"ශ්‍රී ලංකාව ආසියාවේ ඓශ්චර්යය කරමු" යන තේමාව යටතේ පැවැත්වෙන මෙම සමුළුව වැඩ කරන ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.
විපක්ෂය සිදුකරන ඇතැම් ප්‍රකාශ අනුව ඔවුන් මෙවර මහමැතිවරණයේ පරාජය භාරගෙන
අවසන් බැව් ජාත්‍යන්තර වෙළඳ කරයුතු අමාත්‍ය,කැබිනට් ප්‍රකාශක මහාචාර්ය
ජී.එල්.පීරිස් මහතා ප්‍රකාශ කරයි.
යාපනයේ වැවෙන කැරට් එතරම් ගුණදායක වුණත් තමන්ට තාමත් කිසිවෙක් යාපනයේ කැරට් කැවීමට උත්සාහ නොකළ බවද හෙතෙම කියා සිටියේ අද පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි.