බදුර්දීන් වැලිකඩ යයිද? මීළඟ කැබිනට් මණ්ඩලයට යයිද?

බදුර්දීන්ට එරෙහිව දැමූ විල්පත්තු නඩුවේ තීන්දුව අප්‍රේල් 03 දා

විල්පත්තු ජාතික වනෝද්‍යානයේ අනවසර පදිංචි කිරීම් ඉවත් කරන ලෙස ඉල්ලා පරිසර යුක්ති කේන්ද්‍රය ගොනු කළ පෙත්සමේ තීන්දුව අප්‍රේල් 3 වනදා ලබා දීමට නියමිතය.

පාරිසරික යුක්ති කේන්ද්‍රය විසින් ගොනු කරන ලද පෙත්සම අද (19) විනිසුරු ජනක් ද සිල්වා සහ නිශ්ශංක බන්දුල කරුණාරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් අද (19) විභාග කරන ලදි.

පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස වනසංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ, මධ්‍යම පරිසර අධිකාරිය, හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් ඇතුළු කිහිප දෙනෙකු නම් කර තිබේ.

විල්පත්තු වනාන්තර පද්ධතියේ උතුරු ප්‍රදේශයේ රක්ෂිත වනාන්තර හෙළි කිරීම සහ නීතිවිරෝධී ලෙස පුද්ගලයින් නැවත පදිංචි කිරීම විශාල පාරිසරික විනාශයකට හේතු වී ඇති බව පවසමින් පාරිසරික යුක්ති කේන්ද්‍රය විසින් 2015 දී පෙත්සමක් ඉදිරිපත් කර ඇති අතර වනාන්තර රක්ෂිත ප්‍රදේශයක නීතිවිරෝධී ලෙස නැවත පදිංචි කිරීම ඉවත් කරන ලෙස රිට් ඔෆ් සර්ටියෝරාරි සහ මැන්ඩාමුස් නියෝගයක් ඉල්ලා සිටියේය.

පෙත්සම විභාග කිරීම පසුගිය වසරේ අගෝස්තු මාසයේදී අවසන් කොට තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණද, අභියාචනාධිකරණ විනිසුරු මහින්ද සමාවවර්ධන සිය තීන්දුව ලබා දීම ප්‍රතික්ෂේප කිරීම නිසා මෙම පෙත්සම නැවත නව විනිසුරු මඩුල්ලක් හමුවේ විභාග කිරීම ආරම්භ විය.

විල්පත්තු වන විනාශයට එරෙහිව පරිසර සංවිධාන, සිවිල් සංවිධාන, ආගමික නායකයින් ප්‍රමුඛ පුරවැසියන්ගෙන් විශාල විරෝධයක් එල්ලවූ අතර පරිසර සංරක්ෂණය දේශපාලන වේදිකාවේ ප්‍රධාන මාතෘකාවක් බවටද පත්විය.

බදුර්දීන් අමාත්‍යවරයාගේ මෙහෙයවීමෙන් කල්ලාරු සහ විලත්තිකුලම් රක්ෂිත වනාන්තර වල සිදුකරන ලද වනාන්තර විනාශය සහ අනවසර පදිංචි කිරීම් වල චායාරූප කිහිපයක් පහත දැක්වේ.

විල්පත්තු වනාන්තර පද්ධතියේ උතුරු ප්‍රදේශයේ 
කල්ලාරු සහ විලත්තිකුලම් රක්ෂිත වනාන්තර වල සිදුකරන ලද වනාන්තර විනාශය

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *