ලාහුගල ජාතික වනෝද්‍යානයේ මහා ඉඩම් මංකොල්ලයක්

Lahugala Land grabbing

පොතුවිල් ප්‍රදේශයේ පිරිසක් ලාහුගල ජාතික වනෝද්‍යාන සීමාවට ඇතුලු වී වනෝද්‍යාන මායිම් ගල් කණු ගලවා දමා ඉඩම් අත්පත් කරගනිමින් සිටින බව වාර්තා වේ.

2006 ජූලි 20 වන දින ප්‍රකාශයට පත් කරන ලද හෙක්ටෙයාර 5131 පමණ වපසරියෙන් යුත් ලාහුගල ජාතික වනෝද්‍යානය ශ්‍රී ලංකාවේ ජාතික වනෝද්‍යාන අතුරින් ඉතා වැදගත්කමක් උසුලන්නේ ඒ ආශ්‍රිතව ජීවත් වන විශාල අලි ඇතුන්ගේ ගහනය සහ නැගෙනහිර පළාතේ සුවිශේෂී වනජීවී පාරාදීසයක් වන බැවිනි.

මෙලෙස අවසරයකින් තොරව ජාතික වනෝද්‍යානයකට ඇතුලු වීම හෝ රැඳී සිටීම වනසත්ව හා වෘක්ෂලතා ආඥා පණතේ 5 (1) වගන්තිය ප්‍රකාරව නීති විරෝධී වන අතර, මෙලෙස එය උල්ලංඝනය කරන්නන් අත්තඩංගුවට ගෙන නඩු පැවරීම සිදු කළ යුතු නමුත් මේ වන තෙක් එය සිදුවී නොමැත.

පසුගියදා කැබිනට් මණ්ඩලය විසින් කරවන ලද 2001/05 චක්‍රලේඛය අහෝසි කිරීමේ අනිටු ප්‍රථිපල මෙලෙස දිවයින පුරා දක්නට ලැබෙන බව පරිසරවේදීන් පෙන්වා දෙයි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *