වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවකයින් සඳහා ජීවිත රක්ෂණාවරණයක් ලබාදීමට වනජීවී හා ස්වභාවික ආරක්ෂණ සංගමය (WNPS) කටයුතු කර තිබේ.
මෙම රක්ෂණ යෝජනා ක්‍රමය මඟින් ශ්‍රී ලංකාවේ ජාතික වනෝද්‍යාන, සොබාදහමේ සංචිත සහ වනජීවී ප්‍රදේශවල වන සතුන් නඩත්තු කිරීමේ වගකීම දරන වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තු සේවකයින් 2500 ක් ආවරණය කරයි.

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව (DWC) 1949 දී ආරම්භ කරන ලද්දේ “වර්තමාන සහ අනාගත පරම්පරාවන් සඳහා වනජීවී උරුමයන් සංරක්ෂණය” යන දැක්මෙනි. අභයභූමි 62 ක්, ජාතික උද්‍යාන 26 ක්, සොබාදහම් රක්ෂිත 9 ක් සහ දැඩි ස්වභාවික රක්ෂිත 3 ක් ඔවුන්ගේ විෂය පථයට අයත් වන අතර වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවකයින් නිසැකවම ඔවුන්ගේ රාජකාරිය සඳහා කැපවී සිටී.
මානව ජනගහනය ව්‍යාප්ත වීම සහ සීග්‍ර සංවර්ධනය නිසා මිනිසුන් සහ වන ජීවීන් අතර නොවැලැක්විය හැකි ගැටුමක් නිර්මාණය වී ඇති අතර අලි – මිනිස් ගැටුම (HEC), දිවි – මිනිස් ගැටුම, කිඹුල් – මිනිස් ගැටුම වැනි කරුණු කිහිපයක් විසඳීම සඳහා වන වගකීම DWC වෙත පැවරී ඇත.
ඕනෑම වනජීවී ක්ෂේත්‍ර නිලධාරියෙකු පවසන පරිදි, ඔවුන්ගේ රාජකාරිය කිසිඳු ඇගයීමකට ලක් නොවන, සත්ව – මිනිස් ගැටුම විසඳීමේ ඉදිරි පෙළ කාර්යභාරයකි. ඇතැම් ක්ෂේත්‍ර නිලධාරීන් සඳහා; වැඩ කරන දිනයක් පැය 24 ක් දක්වා දිගු විය හැකි අතර, දඩයකකරුවන් වැටලීම් වැනි නීති විරෝධී ක්‍රියාවන්ට මුහුණ දීම සඳහා ඔවුන්ගේ ජීවිත අවදානමට ලක් කිරීමට ඔවුන්ටසිදු වේ.
ඛේදජනක ලෙස පසුගිය වසර 5 ක සේවා කාලය තුළ දෙපාර්තමේන්තු නිලධාරීන් අට දෙනෙකු (08) මියගොස් ඇති අතර, පනස් හතරක් (54) විවිධ අනතුරු වලට ලක් වී තිබේ.
වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ (DWC) සේවකයින් සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රථම ජීවිත රක්ෂණ ක්‍රමය ආරම්භ කිරීමට හැකි වීම ගැන වනජීවී හා සොබාදහම් ආරක්ෂණ සංගමය (WNPS) ආඩම්බර වේ. බොහෝ අපේක්ෂිත වැඩසටහන මඟින් 2020 නොවැම්බර් 1 සිට 2021 ඔක්තෝබර් 31 දක්වා සියලුම වනජීවී සේවකයින්ට ජීවිත, ස්ථිර හා අර්ධ ආබාධ සඳහා ආවරණයක් ලබා දෙනු ඇති අතර, ඉදිරි වසරවලදී මෙම රක්ෂණය තවත් ඉදිරියට ගෙන යාමට WNPS බලාපොරොත්තු වේ.
ආවරණය එක් සිදුවීමකට රුපියල් ලක්ෂ පහක් (500,000 ක්) වන අතර, සේවකයෙකු ආවරණය කිරීම සඳහා වනජීවී සේවකයාගේ ක්‍රියාකාරී රාජකාරියේදී මෙම සිදුවීම සිදුවිය යුතුය. වසරකට සිදුවීම් 10 ක් දක්වා මෙම වැඩසටහන මගින් ආවරණය කෙරේ.
මීට වසර 70 කට පෙර වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පිහිටුවීමට වනජීවී හා සොබාදහම් ආරක්ෂණ සංගමය ඉවහල් වූ අතර, ශ්‍රී ලංකාවේ පොහොසත් ජෛව විවිධත්වය ආරක්ෂා කිරීමේ පොදු ඉලක්කය ඇතිව WNPS, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සමඟ මෙම නව ගමන ආරම්භ කිරීම මහත් ආඩම්බරයට කරුණකි.
රක්ෂණ වාරිකය සඳහා පරිත්‍යාග කිරීමට දායක වූ වෙල්ත් ට්‍රස්ට් සෙකියුරිටීස් ලිමිටඩ්, කැපිටල් එලායන්ස් සමූහය, මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට්ස් ලිමිටඩ්, ඉකෝ මැක්සිමස්, චෙනා හට්ස් – යාල, තරින්දු විජේසේන සහ රොෂාන් හෙට්ටියරච්චි යන සංවිධාන සහ පුද්ගලයින්ට WNPS ස්තූතිවන්ත වේ.

