
COVID-19 ලෙස නැවත නම් කෙරුණු කොරෝනා වයිරසයෙන් අද (13) වන විට පුද්ගලයන් 1,370ක් මිය ගොස් ඇතැයි ජාත්‍යන්තර පුවත් සේවා පවසයි.
ලොව පුරා පුද්ගලයන් 60,000කට රෝගය ආසාදනය වී ඇති අතර මේ වන විට රෝගය වැළඳුන පුද්ගලයින් 6,293 ක් සුවය ලබා තිබේ.
දිනකදී වාර්තා වූ වැඩිම රෝගීන් ගණන අද දින වාර්තා වී ඇති අතර එය රෝගීන් 15,000 කට අධික බව ඇමරිකාවේ ජෝන් හොප්කින්ස් විශ්ව විද්‍යාලය විසින් නිකුත් කර ඇති දත්ත වාර්තා වල දැක්වේ.
