පූජ්‍ය පාහියංගල ආනන්දසාගර හිමි ප්‍රමුඛ මුතුරාජවෙල සුරැකීමේ සංවිධානයේ සාමාජිකයින් අද දින (පෙබ. 14) මුතුරාජවෙල අභයභුමියේ සංරක්ෂණය සඳහා රුක්රෝපණ වැඩසටහනක් සංවිධානය කර තිබූ අතර, ඒ සඳහා මුතුරාජවෙල අභයභූමිය අනවසරයෙන් ගොඩකරන ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකුගෙන් සහ ඔහුගේ මැරයින්ගෙන් බදා සහ තර්ජන එල්ල වූ බව මුතුරාජවෙල සුරැකීමේ සංවිධානය පවසයි.
මුතුරාජවෙල අභයභූමියට අයත් රක්ෂිත තෙත්බිම් අක්කර දහස් ගණනක් මේ වන විටත් මෙම ව්‍යාපාරිකයා ප්‍රමුඛ පිරිස් විසින් ව්‍යාජ ඔප්පු සකසා හෝ වෙනත් අයුතු ක්‍රම වලින් අත්පත් කරගෙන තිබෙන අතර එම ඉඩම් මංකොල්ලය දිගින් දිගටම සිදුවෙමින් පවතී.
මෙලෙස විවිධ පාර්ශවයන්ට මුතුරාජවෙල අභයභුමිය අනවසරයෙන් ගොඩ කිරීමට ඉඩ හැරීම මගින් ශ්‍රී ලංකා රජය ජාත්‍යන්තර පරිසර සම්මුතීන් රැසක් උල්ලංඝනය කරමින් ජාත්‍යන්තර වශයෙන් අපකීර්තියට පත්ව ඇති බවද එම සංවිධානය පවසයි. එබැවින් ලෝක තෙත්බිම් නගරයක් ලෙස ප්‍රකාශිත කොළඹ නගරයේ තෙත්බිම් ආරක්ෂා කරගැනීමට රජය කඩිනමින් කටයුතු කළ යුතු බවද ඔවුන් අවධාරණය කරති.



