අලුත් පක්ෂ ලියාපදිංචිය එපා – පොහොට්ටුවේ ප්‍රභලයෙක්ගෙන් මැකොට බලපෑම්?

නව දේශපාලන පක්ෂ ලෙස ලියාපදිංචි කිරිම සඳහා ඉල්ලුම් පත් 154ක් මේ වන විට ලැබී ඇති බවත්, ඉදිරි මහ මැතිවරණයට පෙර එම ඉල්ලුම්පත් සොයා බලා සහතික කිරිමට හැකි කටයුතු සිදුකරන බවත් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා මීට සති දෙකකට පමණ පෙර සිය කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළා.

කෙසේ වෙතත් මේ වන විට චන්ද විමසීම් කාලය ආරම්භ වී ඇති නමුත් නව පක්ෂ ලියාපදිංචි කිරීමේ වැඩපිළිවෙල මැතිවරණ කොමිසම විසින් හොර රහසේම නවතා දමා ඇති බවත්, එයට හේතුව පොහොට්ටුවේ නායකයෙකු විසින් මැතිවරණ කොමිසමේ ප්‍රධානියාගෙන් කරනු ලැබූ ඉල්ලීමක් බවත් හෙළි වේ.

නව පක්ෂ ලියාපදිංචි වී මහ මැතිවරණයට ඉදිරිපත් වුවහොත් එමගින් තමන්ගේ කඳවුරට 50% ප්‍රතිශතය ඉක්මවා ගැනීමට තර්ජනයක් විය හැකි බැවින් කෙසේ හෝ පක්ෂ ලියාපදිංචිය ඉදිරි මහ මැතිවරණය පසුවන තුරු කල්දමා දෙන ලෙස පොහොට්ටුවේ මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවන ප්‍රභල දේශපාලකයා ඉල්ලා තිබේ.

ඒ අනුව නව පක්ෂ ලියාපදිංචිය මැතිවරණ කොමිසමේ සභාපතිවරයා මීට සති කිහිපයකට ඉහතදී පැවසූ පරිදි සිදු නොවනු ඇතැයි තතු දත් ආරංචිමාර්ග පවසයි.

මෙයින් පෙනී යන කරුණක් වන්නේ ස්වාධීන මැතිවරණ කොමිසම හැසිරෙන්නේ පවත්නා ප්‍රභල දේශපාලන පක්ෂ වල ඕනා එපාකම් අනුව බවත්, පවතින ක්‍රමය නඩත්තු කරමින් එයට අභියෝගයන් ලෙස නව්‍ය දේශපාලන මතවාදයන්ට ස්ථාපිත වීමට ඇති ඉඩකඩ අහුරමින් බවත්ය.

දුෂිත ප්‍රධාන දේශපාලන පක්ෂ වල නියෝජිතයින්ට හැර විකල්ප දේශපාලන බලවේග වශයෙන් නැගී සිටීමට පසුගිය වසර කිහිපය පුරා උත්සාහ කළ රොහාන් පල්ලෙවත්ත, නගානන්ද කොඩිතුවක්කු වැන්නන් නායකත්වය දුන් බලවේග කිසිවකට පිළිගත් දේශපාලන පක්ෂ වශයෙන් ලියාපදිංචි වීමට ස්වාධීන මැතිවරණ කොමිසම මේ වන තෙක් අවස්ථාවක් දී නොමැත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *