
හිටපු අමාත්‍ය සහ ACMC පක්ෂයේ නායක රිෂාඩ් බතියුඩීන්ගේ සහෝදරයා වන රියාජ් බතියුඩීන් ඊයේ (14) දිනයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පුත්තලමේදී අත්අඩංගුවට ගනු ලැබු අතර ඔහු මරාගෙන මැරෙන ත්‍රස්තවාදියෙකු සමඟ සම්බන්දතා පවත්වා ඇති බවත්, ප්‍රහාරයට දින කිහිපයකට පෙර කොළඹ ප්‍රසිද්ධ හෝටලයකදී ඔවුන් දෙදෙනා සාකච්චාවක් පවත්වා ඇති බවට අනාවරණය වී ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා අද (15) පැවතී මාධ්‍ය හමුවකදී පැවසීය.
මීට අමතරව රියාජ් බතියුඩීන් පාස්කු ප්‍රහාරය එල්ල කළ ත්‍රස්තවාදීන් කිහිප දෙනෙකු සමඟ හවුල් ව්‍යාපාර සහ සංවිධාන පිහිටුවා එකට තනතුරු දරා ඇති බවත්, ඒ සංවිධාන සහ ආයතන වෙත මුදල් ආයෝජනය කර ඇති බවත් අනාවරණය වී තිබේ. තවද එම එක් සංවිධානයක් සඳහා එක් මරාගෙන මැරෙන බෝම්බකරුවකු විසින් ඉඩමක්ද ප්‍රදානය කර ඇති බව අනාවරණය වී තිබේ.
තවද පසුගිය වසරේ අප්‍රේල් 21 වන දින ඉස්ලාම් අන්තවාදී ත්‍රස්තවාදීන් විසින් එල්ල කරන ලද පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් නීතිඥයෙකු වන හිජාස් හිස්බුල්ලා සහ තවත් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
හිජාස් හිස්බුල්ලා ප්‍රමුඛ පෙළේ නීතිඥයෙකු වන අතර පසුගිය වසරේ කුරුණෑගල රෝහලේ සේවය කරමින් මව්වරුන් වන්ද්‍යකරණයට ලක් කළා යැයි චෝදනා ලැබූ දොස්තර ෂාෆි ෂිහාබ්ඩීන් වෙනුවෙන් පෙනී සිටියේද මොහුය.
ඔහු අත්අඩංගුවට ගැනීමට හේතු වූ කරුණු ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා පවසා සිටියේ මෙම නීතිඥයා ත්‍රස්ත ප්‍රහාරා එල්ල කළ මරාගෙන මැරෙන ත්‍රස්තවාදීන් දෙදෙනෙකු සමඟ සම්බන්ධතා පවත්වා තිබීමත්, ඔවුන් සමඟ සංවිධාන කිහිපයක එකට නිලතල දරා තිබීමත් යන කරුණු බවය.