2023 පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්දය දින නියමයකින් තොරව කල් යයි.

ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාව විසින් පළාත් පාලන මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද ක්‍රියාවලිය දින නියමයක් නොමැතිව කල් දමා තිබේ.

මේ හේතුවෙන් මීට පෙර නියම කර තිබූ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ දිනයන් වන 22, 23 සහ 24 යන දිනවල තැපැල් ඡන්ද කටයුතු සිදු නොවන බව කොමිසම අද නිකුත් කළ මෙම මාධ්‍ය නිවේදනයෙන් ප්‍රකාශ කර තිබේ.

ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමට අවශ්‍ය ප්‍රතිපාදන සපයා ගැනීමේ අපහසුව හේතුවෙන් මැතිවරණ කොමිසමට මේ වන විට අභියෝගයක් එල්ල වී තිබේ.

මේ වන විටත් වසර කිහිපයක් කල්ගොස් ඇති පළාත් පාලන මැතිවරණය 2023 මාර්තු මස 09 වන දින පැවැත්වීමට දින නියමකර ඇති පසුබිමක මෙලෙස තැපැල් ඡන්ද කටයුතු දින නියමයකින් තොරව කල් දැමීම මාර්තු 09 වන දින පැවැත්වීමට නියමිතව තිබූ මැතිවරණය ද කල් යනු ඇතැයි මහජනතාව තුල සැකයක් ජනිත වී තිබේ.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *