2025 වසරේදී අලි-මිනිස් ගැටුමින් වන අලි 455ක් සහ මිනිස් ජීවිත 160ක් අහිමි වී තිබේ.

2025 වසර තුළදී ශ්‍රී ලංකාවේ වන අලි 455 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පාර්ලිමේන්තුවේදී ඊයේ අනාවරණය විය.

පෙර වසරට සාපේක්ෂව 2025 වසරේදී වන අලි මරණ සංඛ්‍යාවේ කැපී පෙනෙන වර්ධනයක් දක්නට ලැබෙන අතර, 2024 වසරේදී වාර්තා වී තිබූ වන අලි මරණ සංඛ්‍යාව 388කි.

පාර්ලිමේන්තු මන්ත්‍රී එල්. එම්. අබේවික්‍රම මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් පරිසර අමාත්‍ය ධම්මික පටබැඳි මහතා සභාගත කළ වාර්තාවක මේ බව සඳහන් වේ. එමෙන්ම, 2025 වසර තුළදී වන අලි ප්‍රහාර හේතුවෙන් මිනිස් ජීවිත 160ක් අහිමි වී ඇති බවත්, පුද්ගලයින් 221 දෙනෙකු තුවාල ලබා ඇති බවත් එම වාර්තාව මඟින් වැඩිදුරටත් අනාවරණය කර ඇත.

අලි-මිනිස් ගැටුම පාලනය කිරීම වෙනුවෙන් මේ වන විට කිලෝමීටර් 5,787.89ක විදුලි වැටක් ඉදිකර ඇති අතර, 2025 වසර තුළදී පමණක් විදුලි වැටවල් ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 618.89ක මුදලක් වැය කර ඇති බවද අමාත්‍යවරයා ඉදිරිපත් කළ ලේඛනයේ දැක්වේ.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *