
නිවෙස්වල ස්ථාපනය කෙරෙන සූර්ය කෝෂ බැටරි පද්ධති (Household Solar Battery Systems) වෙනුවෙන් 2027 අයවැය මඟින් විශේෂ සහන ක්‍රමවේදයක් හඳුන්වා දීමට රජය පියවර ගන්නා බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
අමාත්‍යවරයා සඳහන් කළේ නොවැම්බර් 12 වන දින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් 2027 විසර්ජන පනත් කෙටුම්පත (අයවැය) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමේදී මෙම සහන පැකේජය නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවයි.
ගෘහස්ථ මට්ටමින් සූර්ය බලශක්තිය ගබඩා කිරීමේ බැටරි පද්ධති සඳහා කෙරෙන ආයෝජන දිරිගැන්වීම සහ ඒ සඳහා ජනතාවට සහයෝගය ලබා දීම මෙම යෝජිත සහන වැඩපිළිවෙළෙහි ප්‍රධාන අරමුණ බව අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.