
පසුගිය සමයේ ආන්දෝලනයට තුඩු දුන්, පරිසරවේදීන්ගේ ඉල්ලීම් ඉවත දමා දේශපාලන උවමනාවන් මත කඩිමුඩියේ ඉදි කළ නෙළුව – ලංකාගම මාර්ගය පසුගිය දිනවල ඇද හැලුණු ධාරානිපාත වර්ෂාව සමඟම සෝදාපාළුවට ලක්වී ඇති බව වාර්තා වේ.
ප්‍රදේශයේ දේශපාලනඥයින්ගේ උවමනාව මත ආරම්භ වී, පසුව එල්ලවූ මහජන විරෝධය හමුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අධීක්ෂණයට පවා ලක් ව, ජනාධිපතිවරයාගේ උපදෙස් මත මෙම මාර්ගය කඩිනමින් ඉදිකිරීම යුධ හමුදා ඉංජිනේරු බලකාය විසින් සිදුකරන ලදි.

පරිසරවේදීන් මුල සිටම පෙන්වාදුන් පරිදි පාරිසරික සාධක සලකා බැලීමකින් තොරව සිංහරාජ ලෝක උරුම වැසිවනාන්තරය අසබඩින් සහ ඇතැම් ස්ථාන වලදී වනාන්තරය තුලින් ගමන් ගන්නා කුඩාවට පැවැති මෙම මාර්ගය පුළුල් කොට ඉදිකර ඇති නමුත්, පරිසර සාධක කෙසේ වුවත් ඒ සඳහා අවම වශයෙන් යෙදිය යුතු පැති බැමි, කාණු, සහ ප්‍රමාණවත් තාක්ෂණික ක්‍රමෝපාය යොදා නොමැති බව පරිසරවේදීන් පවසයි.
පරිසරවේදීන්ට “ත්‍රස්තවාදීන්” යැයි ලේබල් අලවා ඔවුන් යෝජනා කළ තිරසාර සංවර්ධන ක්‍රමෝපාය පසෙක දමා හුදු දේශපාලන උවමනාවන් වෙනුවෙන් පටු තීරණ ගනිමින් මෙවැනි සංවර්ධන ව්‍යාපෘති තව කොතරම් සිදු කළත් අත්වන්නේ මෙම ප්‍රථිපලයම බව පරිසරවේදීන් පෙන්වා දෙයි. මෙවැනි ප්‍රදර්ශනාත්මක සංවර්ධන ව්‍යාපෘති වලින් බැහැරව ජාත්‍යන්තරව පිළිගත් තිරසාර සංවර්ධන ක්‍රමෝපායන්ට අනුව රට සංවර්ධනය කිරීම වැදගත් බවත්, එසේ නොවුවහොත් ජාතික ආර්ථිකයට සිදුවන්නේ සුවිශාල අලාභයක් බවත් ඔවුන් තවදුරටත් පෙන්වා දෙති.