අලිමංකඩේ සැනකෙළිය නවතී – හිඟුරක්ගොඩ මහේස්ත්‍රාත්ගෙන් නියෝගයක්

Deep Jungle Music and Cultural Festival

“ඩීප් ජන්ගල් ෆෙස්ටිවල්” රාත්‍රී කාලයේ ශබ්ද විකාශන බෑ!

හබරණ අලි කොරිඩෝවට යාබදව පෙබරවාරි 17 සිට 20 දක්වා පැවැත්වෙන Deep Jungle Music and Cultural Festival එරෙහිව පරිසරවේදීන් කිහිප දෙනෙකු විසින් ඊයේ (17) දින හිඟුරක්ගොඩ මහේස්ත්‍රාත් උසාවියේ ගොනුකළ නඩුකරයේ දී පහත සඳහන් නියෝග පොලීසිය හා වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලබා දීමට කටයුතු කළේය.

එහිදී ඉහත කී Deep Jungle Music and Cultural Festival යන සංගීත ප්‍රසංගය 2031/2007 දරණ පොලිස්පති චක්‍රලේඛයට අනුකූලව පමණක් පැවැත්විය යුතු බවට සහ එකී චක්‍රලේඛය අනුව පවත්වන්නේද යන්න අධීක්ෂණය කිරීමට 20 දෙනෙකුගෙන් යුත් පොලිස් කණ්ඩායමක් සහ 10 දෙනෙකුගෙන් යුත් වනජීවී නිලධාරීන් කණ්ඩායමක් යොදවන ලෙසත් පොලිසියට නියෝග නිකුත් කරන ලදී.

ඒ සමගම ඉහත කී Deep Jungle Music and Cultural Festival යන සංගීත ප්‍රසංගය එම ප්‍රසංගය පවත්නා පරිශ්‍රයේ මායිම්වලින් ඔබ්බට නෑසෙන පරිදි කටයුතූ කිරීම සහ ශබ්ද විකාශන සහ ශබ්ද වර්ධක භාවිතා කිරීමකින් තොරව පවත්වන ලෙසට කොන්දේසි සහිත ආඥාවක් නිකුත් කරන ලදී.

මෙම පොලිස් චක්‍රලේඛයට අනුව පොලිස් ආඥා පනතේ 80(1) වගන්තිය යටතේ රාත්‍රී 10:00 සිට පසුදින උදෑසන 6.00 දක්වා කාලයට වලංගු වන සේ ශබ්ද විකාශන යන්ත්‍ර හෝ ඒ ආකාරයේ වෙනත් උපකරණ භාවිතා නොකළ යුතුය.
ඉහත කී 2031/2007 පොලිස්පති චක්‍රලේඛය උල්ලංඝනය වීමක් සිදුකලහොත් එකිනෙහිම අදාල ශබ්ද උපකරණ අත්අඩංගුවට ගෙන 2031/2007 චක්‍රලේඛයෙන් දැක්වෙන පරිදි කටයුතු කරන ලෙස හබරණ පොලීසියට කොන්දේසි සහිත ආඥාවක් නිකුත් කරන ලදී.

නීතිඥ එස්. එච්. එම්. හසාන් හමීඩ් සමඟ නීතිඥ නිශානි උදේශිකා මෙනෙවිය පැමිණිලිකරුවන් වෙනුවෙන් පෙනී සිටින ලදී.
𝚁𝙰𝚁𝙴 සංවිධානය වනසත්ව සහ ස්වභාරක්ෂක සංගමය (𝚆𝙽𝙿𝚂) හා පරිසර යුක්ති කේන්ද්‍රය (𝙲𝙴𝙹) මෙම නඩුව ගොනු කිරීමට දායක විය.

පරිසරය වෙනුවෙන් උනන්දුවක් දක්වන බොහෝ පිරිසක් මෙම ප්‍රසංගය හේතුවෙන් වන සතුන්ට මෙන්ම පරිසරයට ඇතිවිය හැකි හානිකර තත්වය වලක්වා ගැනීම වෙනුවෙන් ක්‍රියා කළේය.

Deep Jungle Music and Cultural Festival පැවැත්වීමට තෝරාගෙන තිබු ස්ථානය අලිමංකඩකි
Deep Jungle Music and Cultural Festival පැවැත්වීමට තෝරාගෙන තිබු ස්ථානය අලිමංකඩකි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *