
පසුගිය සතියේ දකුණු තුර්කියේ සහ උතුරු සිරියාවේ ඇති වූ විනාශකාරී භූමිකම්පාවෙන් පසු ප්‍රිමියර් ලීග් ක්‍රීඩක ක්‍රිස්ටියන් අට්සු (Christian Atsu) ඛේදජනක ලෙස මියගිය බව තහවුරු වී තිබේ.
පෙබරවාරි 6 වැනිදා අලුයම සිදු වූ රික්ටර් මාපකයේ 7.8 ක ප්‍රබල භූමිකම්පාවෙන් පසුව 31 හැවිරිදි ක්‍රිස්ටියන් අට්සු සිටියේ කොහේද යන්න අනාවරණය නොවීය. පසුව ඔහුගේ මළ සිරුර සුන්බුන් වලට යටවී තිබියදී සෙයාගෙන ඇත.
එම භුමිකම්පාවෙන් 42,000 කට වැඩි පිරිසක් මිය ගොස් තවත් දහස් ගණනක් තුවාල ලබා ඇති අතර, ස්වාභාවික ව්‍යසනයෙන් පසු මිලියන ගණනකට නිවාස අහිමි වී ඇත.
මෙම දරුණු භූමිකම්පාවේ පසු කම්පන මිනිත්තුවක් පමණ පැවති අතර එය තුර්කියේ මෙතෙක් සිදු වූ විශාලතම භූමිකම්පාව බවට සැලකෙන අතර එහි කම්පනය ඊජිප්තුව, ලෙබනනය සහ සයිප්‍රස් දූපත දක්වා ඈතට දැනී තිබේ.
ක්‍රිස්ටියන් අට්සු ඝානාවේ වෘත්තීය පාපන්දු ක්‍රීඩකයෙකි, ඔහු තුර්කි සුපර් ලිග් සමාජය වන හැටේස්පෝර් (Hatayspor) සහ ඝානා ජාතික කණ්ඩායමට ක්‍රීඩා කළේය. ඝානාවේ හැදී වැඩුණු පසු, වයස අවුරුදු 17 දී වෘත්තීය පාපන්දු ක්‍රීඩකයෙකු වීමේ ඔහුගේ සිහිනය හඹා යෑම සඳහා Atsu පෘතුගාලයට ගොස් ඇත. ඔහු Chelsea, Newcastle, Bournemouth සහ Everton යන ක්‍රීඩා සමාජ වලට ක්‍රීඩා කර තිබේ.